කරදරකාරී ප්‍රවාහන සේවාවෙන් හෙම්බත්වී සිටින මගියෙකු වන මම තරහෙන් ගෙදර ගිය අවස්ථා බොහෝ තිබේ. ඒ මේ බස්වලදී හමුවන කොන්දොස්තරලා නිසාවෙනි. උදේ වැඩට එන විටද බස් වල සිදුවන අප්‍රසන්න අත්දැකීම් වලින් කලකිරී දවසම එපාවූ දින ඇත. අප ජීවත්වන්නේ ලංකාවේ බව සිතන හැම දිනකම කවදාක පිළිවෙලට කරච්චලයක් නැතිව, බැණූම් අසන්නේ නැතිව, තල්ලු කරන්නේ නැතිව නිදහසේ ගෞරවාන්විත මගියෙකු ලෙස ගමනක් යන්නට ලැබේවිදැයි දස දහස්වාරයක් කල්පනා කරමි. මේ කරදර කාරී ගමනේදී ‘‘ කොන්දොස්තර රැල්ල‘‘ මට හමුවීම සුන්දර අත්දැකිමකි. ඔහු ප්‍රසන්නය. ටිකට් දුන්නේ නැතත් මගීන්ට ගරු සරුව කතා කරයි. විණයක් නැති රියදුරාගේ පැදවීම නිසා මගීන් පත්වෙන අපහසුව ගැනත් ඔහු විමසා බලයි. බසය වේගයෙන් පදවන වේලාවකදී නැගී සිටි කාන්තාවක් අමතා ඔහු කීවේ ” මොකද අම්මේ මේ කරන්නේ ඉදගන්ඩකෝ” යනුවෙන්ය. මගියෙකු නගින තෙක් ඉවසීමක් නැති රියදුරා ඉක්මණට බසය අද්දයි,, කොන්දොස්ර රැල්ල, ‘ගොඩවෙන්ඩ නෝනේ..ගොඩවෙන්ඩ කියා අත්වාරුවක්ද දෙයි’ . හිසකෙස් අමුතු විලාසිතාවකට පීරා ඇති ඔහුගේ හිසේ සිට කොන්ඩා රැල්ලක් දිගට වවා ඇත. සිත්ගන්නා සුලු මේ රැල්ල හැම තිස්සේම අතින් සකසන අයුරුද මම දුටිමි. ඉතාම කෙට්ටු සිරුරකි. සිනහව ද ප්‍රසන්න කරුණාවන්ත වචන ද මුවින් පිටකරයි. ඇත්තටම නම් ඔහු වැනි අය බසයක කොන්දොස්තර කෙනෙකු වීම නම් අපගේ වාසනාවකි. එහෙත් හැමෝම එහෙම නැත. හදවතක් තිබෙනවාදැයි සැක සහිතය. පරුෂ වචන රැවීම් ගෙරවීම් , කරදර කරන අය එමටය. කොන්දොස්තර රැල්ල ඇත්තෙන්ම සිතට ද නෙතට ද ප්‍රිය දසුනකි.