කොමසාරිස්ගේ දරුවෙකුට සංචාරක පුරයේ සුපිරි හෝටලයකින් උපන්දින කේක් තෑග්ගක් ?

0
255

cakeමිගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයාව දැන් මිගමුවේ දේශපාලන පවුලක් විසින් දපනයට ගෙන ඇත.මෙයට අදාල අළුත්ම හෙළිරව්ව වන්නේ නාගරික කොමසාරිස්වරයාගේ පුතුගේ උපන් දිනය සදහා මිගමුව සංචාරක පුරයේ අති සුපිරි හෝටලයක් විසින් සාදන ලද කේක් එකක් යවා තිබිමයි.අගොස්තු 16වනදා මෙසේ මේ හෝටලය  මගින් කේක් එකක් යැවිමට ඇනවුම ලබා දි ඇත්තේ නගර සභාවේ හිටපු ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකු විසිනි.
මේ ගණුදෙනුවල  තවත් රස කතා ගොන්නක් ඇත.ඒවාද අප හැකි විගසින් ඔබට දැනගන්නට සලස්වන්නෙමු.මේ පිළිබදව අප නාගරික කොමසාරිස්වරයාගෙන් කරුණු විමසා සිටි අස්ථාවේදි ඔහු එය ප්‍රතික්ෂේප කර සිටියේය.
එහෙත් මේ උපන් දින සාදයට අදාල තවත් තෑගි බෝග ගැනද තොරතුරු අප සතුය.