කොමසාරිස්ගේ පස් ඇදිමේ පුවතින් මීගමුව මහනගර සභාව කැළඹේ ?

0
201

handcuff_0_2තොරතුරු දැනගැනිමේ පණත මේ රට තුල ක්‍රියාත්මක විම ඇරඹු දිනයේම මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා මීගමුව සෞඛ්‍ය අංශයේ රියදුරෙකු යොදවා දිවුලපිටියට පස් ඇදිමේ පුවත දැන් මුළු නගර සභාවම කළඹන සිදුවිමක් බවට පත්ව ඇතැයි වාර්ථා වේ.
මේ බරපතල නීති විරෝධි ක්‍රියාව ගැන සෞඛ්‍ය අංශයේ තමන්ට දැන් වගකියන්නට සිදුව ඇතැයි ඒ අංශයේ සේවකයන් මෙන්ම නිළධාරින්ද කලබලයට පත්ව සිටිති.
ඇත්ත වශයෙන් මීගමුවේ බදුගෙවන ජනයා වෙනුවෙන් තොරතුරු දැනගැනිමේ පණත යටතේ මීගමුවේ පරිපාලනය පිළිතුරු දිය යුතු පළමු සිදුවිම බවට දැන් මෙය පත්ව තිබේ.
මීගමුවේ බදුගෙවන ජනයා වෙනුවෙන් මීගමුව මහනගර සභාවේ අන්ත දුෂණ ගැන වසර 15 ක් තිස්සේ ඇත්ත හෙළිකළ මීපුර අපි අද ඉතා වගකීමෙන් කියා සිටින්නේ එ් අතිශය අභියෝගාත්මක කාර්යය නිර්භයව මීගමුව තුල ඉටුකළ එකම පිරිස අප පමණක් බවය.
පෙබරවාරි 03 වනදා සවස්වරුවේ පෝරපස් කියුබ් 3 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන මගදි පොලිසියට අසුවෙතැයි බයෙන් ගැහෙමින් ගිය චින්තක නම් රියදුරා දැන් කල්පනා කරමින් සිටින්නේ නාගරික කොමසාරිස්ගේ නියෝගයක් ක්‍රියාත්මක කරන්නට යෑම නිසා තමන්ගේ දරුපවුලට කන්නට දෙන්නට තියෙන රැකියාවද මෙි නිසා අහිමිවේදෝයි කියාය.
එමෙන්ම සෞඛ්‍ය අංශයේ CPHI ගාමිණි මහතා මෙන්ම ගුණරත්න මහතාද මේ පුවත නිසා කැළඹි සිටින්නේ තමන්ගේ අංශයට අයත් වාහනයක් මෙසේ බරපතල නීතිවිරෝධි කටයුත්තක නියැලි තිබිම දැන් ඔප්පු වි හමාර නිසාය.චචච
දැන් නගරසභා නිළධාරින් වැටී ඇත්තේ ගලඋඩ කැතකළ බළලාගේ තත්වයටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here