කොමසාරිස්තුමියනි,ලංසා නැතිකරපු කැමරාව, සහ ලැප්ටොප් වලට කෝ නීතිය ?

0
72

2022 වසරේ මීගමුව මහා නගර සභාව විසින්  මිලදීගත් වටිනා කැමරාවක් සහ ඊට අදාළ උපාංගද එලෙසම ලැප් ටොප් පරිගණක 02 ක් සහ ඩෙස්ක් ටොප් පරිගණකයක්ද ඇතුළුව ලක්ෂ 25 ක වටිනාකමින් යුත් භාණ්ඩ මේ වනවිට නගර සභාවට අහිමි වී ගොස් ඇතැයි වාර්තා වේ.

මහ නගර සභාවේ මාධ්‍ය ඒකකයක් පවා  ස්ථාපිත කර නොතිබුන පසුබිමක එතරම් වටිනාකමකින් යුත් කැමරාවක් මිලදී ගැනීම මහජන මුදල් නාස්ති කිරීමක් ලෙස එදා මෙයට එරෙහි වු මන්ත්‍රිවරුන් පෙන්වා දි තිබුණි.

.කෙසේ වෙතත් මහ නගර සභාව කැමරාව ඇතුළු අනෙකුත් පරිගණක ද මිලදී ගෙන තිබුණි.
නගර සභාවක් සතුව පවතින බඩුබාහිරාදිය කිසිවක් නගරාධිපතිවරයාට හෝ නාගරික මන්ත්‍රීවරයකුට හෝ තම පුද්ගලික අභිමතය පරිදි භාවිතා කිරීමට මහ නගර සභාවෙන් පිටතට රැගෙන යෑම නීති විරෝධී තහනම් කටයුත්තකි.

දයාන් ලංසා සන්ත⁣කයේ නීති විරෝධි ලෙසින් තබාගෙ සිටි මේ කැමරා ,ලැප්ටොප් ගැන නව කොමසාරිස්තුමිය ගන්නා ක්‍රියාමාර්ග කවරේද?

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here