කොමසාරිස්ධූරයටත් නිගාදෙන මිගමුවේ අමන පාලනය!

0
41

NGB-commisionar-1මිගමුව මහනගර සභාව තුල ක්‍රියාත්මක වෙමින් ඇති ඇතැම් භාවිතාවන් ආදල රාජකාරි නිලතලවල ගරුත්වයටද නිගාදෙමින් තිබේ.විශේෂයෙන්ම දැනට වසර ගණනාවක පටන් වත්මන් කොමසාරිස්වරිය සිය නිලය පවා  විහිළුවකට ලක්කරමින් ලංසා පාලනයට රෙදි නැතිව කඩේ යන තත්වයකට පත්ව තිබේ.මහජන මුදල් ලක්ෂ 9 ක් කාබාසිනියා කිරිමේ සිට ⁣පළාත් පාලන නීතියට පටහැනිව යමින් සුදුසුකම් නැති අයට පත්විම් දෙමින් මැරයන් සතුටුකරමින් සනසවමින් කටයුතු කරමින් සිටින්නේ රටේ වෙනත් නගර සභාවලටද හිනායන අයුරිනි.මිගමුට සැබැවින්ම විපක්ෂයක් නැති තරම්ය.එහි බහුතරයක් දැන් එකගෙයි කෑම පටන් ගෙන ඇත්තේ ලංසා පාලනය සමගිනි.එයටම නොදෙවෙනි ලෙස දැන් නාගරික කොමසාරිස්වරිය සිය ධුරයටද නිගා දෙමින් දයාන් ලංසාගේ පුද්ගලික ලේකම්වරියගේ තත්වයට පත්ව තිබේ.මින් කියැවෙන්නේ කුමක්ද? 2015 වන විට මැදමුලන රාජපක්ෂ පාලනය විසින් මුලු ලංකාවම අර්බුදයක ඇද දමා හප කළා සේම වැල්ලවිදයේ ලංසා පවුල විසින් මිගමුව අර්බුදයක දැනටමත් දැවැන්ත.අර්බුදයක හෙළා ඇත.