කොමසාරිස්වරියට , කටඋත්තර නැති වූ ‘ බලු’ ප්‍රශ්නය

0
133

owitiyawatheමීගමුව නගර සභා භූමියේ සිටි සුනඛයින් හතර දෙනෙකුව  දැනට දින කීපයකට පෙර ඕවිටියාවත්ත කුණු කන්දට අතහැරදමා ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනෙකු අබාධිත සුනඛයින් බවත් වාර්තා වේ. මෙම සුනඛයින් කාලයක් පුරා නගර සභා භූමිය වාසභූමිය කොටගෙන ජීවත්ව ඇති සුනඛයින් වන අතර නගර සභාව විසින් ඔවුන්ට එන්නත් ලබාදී ඇති දත්ත පවා තිබෙන බව Save the Paw සංවිධානයේ සභාපතිනි ශිවන්ති සන්සෝනි මහත්මිය සදහන් කරයි. මෙම සුනඛයින් නගර සභා භූමියෙන් ඉවත්කර , කුණු කන්දට දැමීමට පියවර ගෙන ඇත්තේ මීගමුව නගර සභාවේ කොමසාරිස්වරිය බව ශිවන්ති සන්සෝනි මහත්මිය සදහන් කරයි. එසේ අතහැර දැමූ සුනඛයින්ගෙන් අබාධිත දෙදෙනාව මේ වනවිට Save the Paw සංවිධානය විසින් ඔවුන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගෙනගොස් ඇත. තවත් සුනඛයෙකු නැවතත් නගර සභා භූමිය වෙත පැමිණ ඇති බවත් ඇය සදහන් කළාය.
මේ අකාරයට සුනඛයින් සම්බන්ධයෙන් හිංසාකාරි මෙන්ම ඔවුන්ට අයහපතක් වන ආකාරයේ පියවරක් ගැනීම සම්බන්ධයෙන් සංවිධානය විසින් අද (19 ) වනදා මීගමුව නාගරික කොමසාරිස්වරියගෙන් විමසා ඇති අතර කොමසාරිස්වරිය පවසා ඇත්තේ ඔවුන් නගර සභාවේ ගොඩනැගිලි ආශ්‍රිතව මෙම සුනඛයින් සිටීම මහජනතාවට හිරිහැරයක් බවට පැමිණිලි තිබුණ බවයි. එසේ නම් ඒ වෙනුවෙන් ඊට වඩා වෙනස් පියවරක් ගැනිමට  අවබෝධයක් ඔබතුමියට අවබෝධයක් නොමැති ද යන්න ශීවන්ති සන්සෝනි මහත්මිය ප්‍රශ්න කර ඇති අතර මේ වනවිට ලංකාව තුළ සත්ව සුබසාධනය වෙනුවෙන් ක්‍රියාකරන සංවිධාන රැසක් තිබියදී රාජ්‍ය ආයතනයක් ලෙස මෙවැනි බරපතල වැරැද්දක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇයගේ විරෝධය පළකර ඇත.
මේ වනවිට මෙම සුනඛයින්ගෙන් දෙදෙනෙකු Save the Paw  සංවිධානයේ රැකවරණයට ගෙන ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ආරම්භ කර තිබේ.mc dog 2 mc dog

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here