කොමසාරිස් පාලනයත් මීගමුව ඩෙංගු මාරයාට බිලිදෙයි ?

0
50

Prevent Dengue Fever signමීගමුව දැන් ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇති සෙයකි.
රෝහලේ දැන් රෝගින් සදහා ඉඩමදිවෙන තත්වයක්ද ඇතිව තිබෙන අතර නිසි වෛද්‍යමය අවධානය ලබාදිම සදහා අවැසි කාර්ය මණ්ඩල ප්‍රශ්ණ පවා දැන් මතුව තිබේ.
ඩෙංගු මෙසේ වර්ධනය විමට ඇති ඉඩකඩ ගැන කල් ඇතිව දැන එය පාලනය කිරිමට නාගරික කොමසාරිස්වරයා අදාල පියවරයන් ගෙන නොතිබුණු බව දැන් ඉතා පැහැදිලිය.
පසුගිය කාලය තුල ඔහු ක්‍රියා කලේ තම පාලන කාලය තුල මුදල් වැඩියෙන් හම්බ කළා යැයි කියාගන්නටත් අඩුවෙන් වියදම් කර කප් ගසන්නටත්ය.
මේ මෝඩ තකතීරු පරිපාලනයේ විපාකය දැන් ගෙවන්නට සිදුව ඇත්තේ මීගමුවේ බදුගෙවන ජනයා හටය.