මීගමුව මහනගර සභාව විසින් කුරණ මේජර් රාජ් ක්‍රිඩාංගනය අසල පවත්වාගෙන යනු ලබන කොම්පෝස්ට් වල හේතුවෙන් අධික දුඟදක් මෙන්ම මැස්සන් විශාල වශයෙන් බෝවි තිබිම එහි වෙසෙන ජනයාගේ ජනජිවිතයට විශාල පිඩාවක් එල්ල කර ඇතැයි පවසමින් අද උදේ වරුවේ මේ කොම්පෝස්ට් වල අසල සාමකාමි විරෝධතාවක් පවත්වා ඇත.
මේ සම්බන්ධයෙන් මීගමුව මහනගර සෞඛ්‍ය අංශයේ කාර්යාලයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔවුන් කියා සිටියේ පසුගිය ජනවාරි මාසයේ ලබාදුන් උසාවි නියෝගයත් සමඟින් දිරන අපද්‍රව්‍ය කොම්පෝස්ට් වල කරා පැමිණිම වැඩිවී ඇති පසුබිමක දුගද සහ මැස්සන් බෝවිමේ ගැටලුවක් මතුව ඇති බවත් ඒ දුඟද පාලනය කිරිම සදහා විශේෂ එන්සයිමක් යොදාගෙන දුඟද පැතිරිම පාලනය කිරිමට පියවර ගන්නා බවත්ය.