කොමාසාරිස් පාලනය විසින් හුරතල් කරන දයාන් ලංසාගේ මැරයා PHI ට පහර දීලා ?

0
61
මහජන සෞඛ්‍ය පරික්ෂණ වර්ණකුලසුරිය මහතාට සහ මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ ට පහර දුන් දයාන්ගේ ගෝලයා තුෂාන් නාමල් සමග පාද යත්‍රාවේ

මීගමුව චිකාගෝවක් කළ ලංසා පවුලේ චණ්ඩි යළිත් නගරයට කඩන් පැන ඩෙංගු මර්ධනය සදහා දිවා රාත්‍රි නොබලා වෙහෙසෙන මහජන පරික්ෂකවරයෙකුට ඊයේ රාත්‍රියේ පහර දෙන්නට ගිය පුවතක් බෝලවාලන ප්‍රදේශයෙන් වාර්ථා වේ.
වර්ණකුලසුරිය නම් වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා බෝලවලාන ප්‍රදේශයේ දුමායන කටයුතු වල නියැලි සිටියදි එහි පැමිණි ඇති හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ රියදුරුවෙකු වන තුෂාන් ක්‍රිෂ්මල් නැමැත්තා වර්ණකුලසුරිය මහතාගේ කමිස කොලරයෙන් අල්ලා කියා ඇත්තේ තමන් දයාන් ලංසාගේ රියදුරා බවත් නිමල් ලංසාගේ සහය තමන්ට ඇති නිසා පුළුවන් දෙයක් කරපන් කියාය.
මීගමුව තුල පවතින ඩෙංගු අධිවංසගත තත්වය හමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විශාල කැපවිමකින් සිය රාජකාරිය සිදුකරද්දි ලංසා පවුලේ මැරයන් විසින් රජයේ සේවකයන්ට මෙසේ පහරදෙන්නට යැම පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ප්‍රදේශවාසි හු පවසා සිටිති.මේ අතර වර්ණකුලසුරිය නම් වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා අද පැවැති රැස්විමකදි නියෝජ්‍ය ඇමති නිමල් ලංසා හට ප්‍රසිද්ධියේම පැමිණිලි කර තිබුණ බවද සැලය.එහිදි ඔහු විසින් පවසා ඇතැයි වාර්තා වන්නේ ඩෙංගු වංසගත වැඩසටහනේ පැත්ත පලාතකටවත් තුෂාන් නැමැත්තාව වැද්ද නොගත යුතු බවය.
2016 ජුනි 02 වනද මීගමුව මහනගර සභා භුමිය තුලදි මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩි ගමගේ මහතාට පොලුපහර එල්ල කර තිබුනේද මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු වු දයාන් ලංසාගේ මැරයෙකු ලෙස ප්‍රකටව සිටින අඹගහගේ කුෂාන් ක්‍රිෂ්මල් නැමැත්තාමය.
මේ පහරදිම සිදුකර තිබුනේ රාජකාරියේ වේලාවේ යෙදි සිියටියදි වුව වත්මන් කොමසාරිස් පාලනය විසින් මේ මැරයාට යළිත් රැකියාව ලබා දි තිබුණි.දැන් යලිත් වරක් ⁣රජයේ නිලධාරියෙකු හට පහරදිමට ගොස් තිබේ.මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් පාලනය ගන්නා ක්‍රියාමාර්ගය දැනගැනිම සදහා අප අවස්ථා කිපයකදිම නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරිය දුරකතනයෙන් සම්බන්ධ කරගැනිමට උත්සාහ කලද එය අසාර්ථක විය.දයාන් ලංසා කියනවනම් මැරෙන්න වුනත් යනවා යැයි සටහනක්ද තුෂාන් නැමැත්තාගේ මුහුණු පොතේ ඇතුලත්ය.එසේ නම් තුෂාන් නැමැත්තා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට පහරදිමට ගොස් තිබුනේද දයාන් ලංසගේ නියෝගයක් මතයැයි දැන් මහනගර සභාව තුල ප්‍රසිද්ධිය රහසක් බවට පත්ව තිබේ.

ෆ්‍රෙඩී ගමගේට පහරදුන් මැරයා හිටපු ජනපති හා දයාන් ලංසා සමග
දයාන් ලංසාගේ කුලි මැරයාගේ  ෆේස්බුක් ගිණුමේ තිබූ සටහනක්

Save

Save

Save