කොරියන් රස්සාවලට මුවා වී මේ කරන්නේ ගසා කෑමක්ද ???

0
603

received_368671694313943සමාජ මාධ්‍ය වල මේ දිනවල තවත් කතා බහක් මතුව තිබේ. ඒ කොරියන් රැකියාවලට මුවාවි ක්‍රියාත්මක වෙමින් ඇත්තේ අමුතු තාලයේ ජාවාරමක්ද යන ගැටළුවයි.මෙයට පාදක වි තිබුනේ ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු නායක සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගගේ ලිපි ශිර්ෂය යටතේ ඔහුගේම අත්සනින් බෙදාහැර තිබුන කොරියන් රැකියාවලට ආදල පුහුණුවක් පිළිබදවය.IMG-20201015-WA0037IMG-20201015-WA0038IMG-20201015-WA0039

එය සම්බන්ධිකරණය කරනු ලබන්නේ ඇමතිවරයාගේ දියණිය සහ පෞද්ගලික ලේකම් වරයා විසින් යැයිද එහි වැඩිදුරටත් සඳහන්ය.මෙහිදි මතුව ඇති ගැටළුවක් ලෙසින් මේ පිලිබදව අදහස් දැක්වුවන් කියා සිටියේ මේ ආකාරයෙන් පුහුණු පාඨමාලාවකට විශාල පිරිසක් සහභාගි කරගැනිමට සැලැස්මක් තිබුනද එසේ මුදල් ගෙවා ලබන මේ පුහුණුවෙන් පසු කොරියාවේ රැකියා ලැබේ යැයි ඇති සහතිකය කුමක්ද යන්නයි.මේ අතර සැබැවින්ම මෙවැනි වැඩපිලිවෙලක් රජය තුල තිබේද එසේ නැතිනම් ඇමතිවරයෙකුගේ ලිපි ශීර්ෂද යොදාගනිමින් කව්රුන් හෝ විසින් කරන මගඩියක්දැයි අප විමසා සිටියේ  ⁣මීගමුවේ ජේෂ්ඨ පොහොට්ටුවෙි දේශපාලනඥයෙක් ගෙනි.මීගමුවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසකටද මේ අයදුම්පත් ලැබි තිබුන බවද තමන් මේ  පිලිබදව කරන ලද විමසිම් වලදි රාජ්‍ය  තාන්ත්‍රික මට්ටමින් එවැනි වැඩපිළිවෙලක් ඇති බවට තවමත් කිසිදු තොරතුරක් නැති බවද කියා සිටියේය.

ලෝකය පුරා මතුව ඇති කොරෝනා අවධානම් තත්වයත් ඒ හමුවේ වර්ධනය වෙමින් ඇති ආර්ථික අර්බුදය මැද මේ ආකාරයෙන් විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයට ලැබෙනුයේද යන සරල පැනයද මේ අතර පැන නගි..මුලු ලංකාවටම සිමිත රැකියා ප්‍රමාණයක් විවෘත විමට ඉඩකඩක් තිබුනද ගම්පහ දිස්ත්‍රික්කයටම ඉන් ලැබෙනු ඇත්තේ ඉතාමත් ස්වල්පයක් විය හැක.මේ සියලු කරුණු සලකා බැලිමේදි මේ කොරියන් රැකියා සඳහා පුහුණු වැඩසටහන යනු කිසියම් පිරිසකට මුදල් උපයා ගැනිම වෙනුවෙන් නිර්මාණය වුවක්ද යන සැකය මේ වන විට බහුතරයක් දෙනා අතර මතුව තිබේ.ඒ නිසාම සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විටත් විවිධ ප්‍රශ්ණ කිරිම්ද මතුවෙමින් තිබේ.මැති ඇමැත්තන්ගේ නම්ද ඇදා ගනිමින් රටතුල ⁣මගඩි සිදුවෙමින් තිබෙන පසුබිමක සමාජ මාධ්‍ය විසින් මේ අකාරයෙන් ඔවුන්ට ඇති ප්‍රශ්ණ මතු කරසිටිමද වැදගත්ය .Screenshot_20201016_154113_com.facebook.katana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here