”කොරොනා” සිරියස් විම සහ මුඛ ආවරණ ජෝක් විම ?

0
128

whoකිසි අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මුඛ ආවරණ පළදින ලෙස ජනතාවට හෝ දරුවන්ට උපදෙස් ලබාදී නොමැති බවත් පාසල් වැසීමට කිසිදු තීරණයක්  ගෙන නැති බවත් උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය සහ වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අද (29දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ පැවසීය

“කොරෝනා වෛරසය පිළිබඳව විශාල භීතිකාවක් දරුවන් හා දෙමව්පියන් අතර තිබෙනවා.විශේෂයෙන් පමණට වඩා ජනතාව බිය ගැන්වෙන ව්‍යාපාරයක් තිබෙන බව සාකච්ඡා වුණා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තත්ත්වය අවබෝධ කරගෙන පූර්ණ ලෙස මැදිහත්වෙලා කටයුතු කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව චක්‍රලේඛන නිකුත් කර තිබෙනවා.

කිසි වෙලාවක අධ්‍යාපන අමාත්‍යාංශවත් සෞඛ්‍ය අමාත්‍යාංශවත් මුඛ ආවරණ මිලට ගෙන පළදින ලෙස ජනතාවට උපදෙස් ලබාදී නෑ. දරුවන්ට මුඛ ආවර්ණ  පැළදගෙන එන ලෙස දන්වා ඇතැයි වාර්තා වෙලා තිබෙනවා, එය නරක දෙයක්.එවැනි නියමයක් දැනට නෑ. අවශ්‍යතාවයක් තිබෙනවා නම් එවැනි නියමයක් කරනවා. පාසල් වැසීමට තීරණයක් කර නැති බවද ඔහු වැඩිදුරටත්  කියා තිබුණි.
මේ අතර පසුගිය දිනවල සෞඛ්‍ය බලධාරින් ජනතාවට උපදෙස් දි තිබුනේ කොළඹට පැමිණෙන සැම මුඛ ආවරණ පැළද පැමිණිම වඩාත් යෝග්‍ය බවය.
කෙසේ වෙතත් කොරොන් වෛරසය සිරියස් තත්වයකි. එහෙත් මුඛ ආවරණ පිලිබද විවිධ අය විවිධ කථා කිමට යාමත් සමගින් දැන් එය එහෙම පිටින් ජෝක් එකක් වි තිබේ.
දැන් ඇත්තේ එදා ජේ. ආර් ජයවර්ධන කියා තිබුණ අයුරින් තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින්ම සලසා ගැනිමය.
ලංකාව චිනය පවතින විවිධකාර සබදතා නිසා ලංකාව තුල වෙසෙන චින ජාතිකයන් ගණන මෙන්ම ලංකාවට යන එන ගණනද වෙනත් රටවල් වලට සාපේක්ෂකව ඉහල අගයක් ගනි.
මේවන් පසුබිමකදි ඉදිරියේදි කොරෝනා ගැටලුව තවත් මතුව ඒමට ඇති ඉඩකඩ ගැනද අප කිසිසේත්ම අවතක්සේරු කළ යුතු නොවේ.
ඒ අනුව දැන් අපට ඉතිරිව ඇත්තේ ජේ.ආර්ගේ ඔවදන ක්‍රියාත්මක කිරිමටය.
එහෙත් අවාසනාවකට ඒ සදහා දැන් මුඛ ආවරණ ඉතිරි නැති බවද යථාර්ථයක්මය.