කොරෝනාදැයි සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරිමට මීගමුව රෝහලේ පහසුකම් පුළුල් කෙරේ !

0
61

NGB hospitalමීගමුව යනු කොරෝනා වෛරසයදැයි සැක සහිත අයවලුන් පැමිණෙනමින් ඇති එක් රෝහලක් ලෙසින් දැනටමත් පත්ව තිබේ. ඒ එය ගුවන් තොටුපල ආසන්නයේම ඇති ප්‍රධාන රෝහලද වන බැවිනි.
කෙසේ වෙතත් මේ වන විටත් එවැනි සැක සහිත රෝගින් තිදෙනෙකු මීගමුව රෝහලේ ස්ථාපිත කරන ලද විශේෂිත වාට්ටුවට ඇතුලත් කෙරුණ අතර ඒ දෙදෙනෙකු ගුවන් සේවිකාවන්ය.
අනෙක් රෝගියා වුයේ චීන ජාතික දරුවෙකි.
මේ අය වෙනුවෙන් වෙන්වු 16 වාට්ටුවට සහ රෝහල් කාර්ය මණ්ඩලයට අවැසි ආරක්ෂිත ඇදුම් කට්ටල පිලිබද බරපතල අඩුවක් මුලදි තිබුණද මේ වන විට ඒ තත්වයට පිලියම් ලැබි ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
එමෙන්ම ඊයේ  එහි පැමිණ සිටි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසා තිබුනේ අදාල වාට්ටුවට මෙන්ම කාර්ය මණ්ඩලවලට අවැසි පහසුකම් කඩිනමින් සපුරාලන බවය.