කොරෝනාවට යට වුන මානව වටිනාකම්..

0
94

 

වත්තල පැරඩයිස් ටෝයිස් ආයතනයේ සේවිකාවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී නිරෝදායනය සඳහා ගෙන යන අවස්ථාවේ දී අවට පදිංචි පුද්ගලයන් කිහිප දෙනෙකු එකතුව ඔවුනට හූ කියන්නට පෙළඹී ඇති බව අපට වාර්තා වුනා..කනගාටුවට කාරණය නම් මේ සඳහා මූලික වී ඇත්තේ සමාදාන විනිශ්චයකරුවකු වීමයි .මේ වන විට එහි ආසාදිතයින් 58 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව එක්තරා හෝටලයක ඔවුන් සියලු දෙනාවම නිරෝධායනයට යොමු කර ඇති බවද දැනගන්නට ලැබුනි. කොරෝනා වෛරසය සමාජ ගත වූ රෝගී තත්වයක් මිස කිසිවෙකු සිය කැමැත්තෙන් සාදා ගත්තක් නොවේ…එම නිසා මෙලෙස රෝගී වුවන්ට මානසික පීඩාවන් සිදු කිරීම කෙතරම් අසාධාරණ ද?