මම කටුනායක නිදහස් වෙළඳ කලාපයේ manpower සේවයේ යෙදුන තරුණියක්. මට යන්න ගමේ ගෙදරක් නැහැ. මට අම්මා තාත්තා නැහැ. මම රස්සාව කරගෙන බොහෝ වෙලාවට සිංහල අවුරුදුවලට වෙනත් අවස්ථාවල හිටියේ බෝඩිමේම තමයි.
corona නිසා මගේ යහළුවෝ හුඟදෙනෙක් ගම් වලට ගියා. බෝඩිමේ ඉන්නේ දැන් මං විතරයි. දැන් මාසයකටත් අධික කාලයක් ගත වෙලා තියෙනව මට රස්සාවක් නැහැ. අතේ රුපියල් දහයක තරම්වත් මුදලක් නැහැ.
ඇත්තටම මට හිතෙනවා මම හිඟන්නෙකුට තත්ත්වයට දැන් පත්වෙලා ඉන්නේ කියල .
චුන් පාන් ත්‍රිවිල් එකේ මල්ලි හැමදාම උදේට මට පාන් බාගයක් දීලා යනවා නොමිලේ.
අහල පහළ ගෙවල් වලින් මොනවා හරි දෙයක් දෙනවා කන්න.
පොල් ගහක ගෙඩියක් වැටුනම එක අහුලන පොල් ගාගෙන කාලා කහට බොනවා.
කොස් හොයා ගෙන තම්බාගෙන කනවා.
එහෙම නැති උනානම් මගේ ශරීරය දැනටත් පොළොවට පස් වෙලා ඉවරයි.
ගැහැනු ළමයෙක් විදියට මගේ ශරීරයේ අනෙක් අයගෙ වගේම වෙනස්කම් සිද්ධ වෙනවා මාසයක් ගානෙ. සනීපාරක්ෂක පහසුකම් සපයා ගන්න වත් රුපියල් දහයක්වත් මගේ අතේ නැහැ.
ඒ අවස්ථාවල අන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා.
කවුරුහරි කෑම ටිකක් දෙනකොට කවුරුහරි අතේ මුදලක් තියෙනකොට තරුණ කාන්තාවක් විදියට මේ ටික කාලෙදි අවකැපෙන වචන අහපු වාර අනන්තයි.
තව කොච්චර කාලයක් මේ විදිහට ඉන්න වෙයිද දන්නේ නැහැ.
ජීවත් වෙන්න විදිහක් ම නැහැ.
කන්න බොන්න නැහැ.
අනෙක් අවශ්‍යතා නැහැ.
රැකියාවක් තියෙනවනම් කරලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න පුළුවන්.
අපිට කාටවත් අතපාන්න අවශ්‍ය නෑ අතපය හයිය තියෙනව රස්සාවක් කරන්න පුළුවන්.
මේ වෛරස් වසංගතය නිසා රස්සාවක් නැතිවීම සමහරවිට අපේ මරණයට පාර කපන්න පුළුවන් වෙයි.
මා වැනි අය බොහෝ දෙනෙක් මේ නිදහස් වෙළද කලාප වන සිටිනවා.
ඉහළ බලධාරීන්ට ආයාචනාත්මකව කියා සිටින්නේ අපි ගැන සිතා අපට සහනයක් සලස්වන්න.
මේ අනුවේදනීය සටහන අපට එවා තිබුනේ නිදහස් වෙළද කලාප කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් දශක 3 කටත් වැඩි කාලයක් වෙහෙසෙන චන්ද්‍රා දේවනාරයන සොහොයුරියයි.(මේ කතාව නිදහස් වෙළඳ කලාපයේ manpower රැකියාවක් කළ දැන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ හුදෙකලාව සිටින කම්කරු සේවිකාවකගේය .)
අසරණ තත්වයකට පත්ව සිටින මේ නිදහස් වෙළද කලාප සේවිකාවට උපකාරයක් කළ හැකි අයෙක් වෙතොත් චන්ද්‍රා සොහොයුරිය අමතන්න .0765890322