කොරෝනා අර්බුදය හමුවේ ගල උඩ කැතකළ බළලාගේ තත්වයට පත්වු ආණ්ඩුව !

0
100

MR-GR-2019.12.12මේ සටහන තැබෙන මොහොත වන විට ඉදිරිය සතිය ගැන හිතාගන්නටවත් බැරි තරම්ය. ඒ තරම් අර්බුදය වේගවත්ය,ව්‍යසනකාරිය.
මෙරටදි හදුනාගත් පළමු කොරොනා අසාධිතය චීන කතගේ සුව විම මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කරමින් උත්කර්ශයට නංවා තවමත් මාස එක්මාරක්වත් නැති තරම්ය.

අර්බුදය මේතරම් පිමි පනිමින් වර්ධනය වෙමින් ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාව නිසාය.
අන් සියළු ප්‍රශ්ණ පැන නගින්නේද ඒ නිසාමය.
කොරෝනා අර්බුදය හමුවේ රට මේ තත්වයට පත් කළ පළමු වගඋත්තර කරුවා නිමල් ලංසාය.
ඉතාලියේ මතුව තිබුන තත්වය තුල භිතියට පත් ජනයා කල්පනා කළේ තමන්ට වඩාත් ආරක්ෂාව ඇති තැන නම් සිය මව්රට කියාය.
ඒ අය ඒ නිසාම එන්නට පටන් ගත්තේය.
රජය කළ යුතුව තිබුනේ ඒ සදහා උපරිම පහසුකම් සකසා එය ඉතාමත් විධිමත් ලෙසින් සුමටව  ක්‍රියාත්මක කළ හැකි නිරෝධායන වැඩපිලිවෙලක් බවට පත්කරලිමය.
එහෙත් පුදන කොටම කාපි යකා යැයි කියමින් දේශපාලනිකව නන්තාරව සිටි නිමල් ලංසා ඒ මැද්දට කඩන් පැන රජයේ නිරෝධායන වැඩපිලිවෙල කඩාකප්පල් කිරිමට මුල පිරුවේය.
ඒ දිනවල රජයේ එකදු ලොක්කෙක් නිමල් ලංසාගේ මතයට එරෙහිව රජයේ මතය කෙලින් කිවේ නැත.
එතැන් සිටම ඉතාලියේ ජනයාට යැවුන පණිවිඩය වුයේ මුන් අපි ගැන බලන්නේ නැති උන් පිරිසක් යන මතයයි.
නිමල් ලංසාගේ අමන කම හේතුවෙන් ඇරඹි අර්බුදයට රජය ඊලග ගෙන ආ විසදුම  ඊටත් හපන්ය.ඒ
නිරෝධායනය සදහා මඩකලපුවට ඉතාලියේ සිට එන අය යැවිමට පියවර ගැනිමය.
මර බියෙන් පැය 20 කටත් වැඩි කාලයක් ගෙවා සිය රටට පැමිණෙන මේ රටවිරුවන්ව ,කටුනායක සිට තවත් පැය 08 ක පමණ කාලයක් ගෙවා ඒ කාෂ්ටක මඩකලපුවට යැවිමට මේ රජයේ අම්බරුවන් ගත් තින්දුව සැබැවින්ම සිය දිවි හානිකර ගැනිමක් බදුවිය
.ඒ අමනකමට තවත් ගොන් කම් එකතු කරමින් ඒ එන අයගෙන් රු 15000 ක් අය කරගන්නා බවද කිවේය.
අද ඉතාලියේ සිට පැමිණි අයට ඇගිල්ල දික්කරමින් බුකියේ රගන විරයන් විසින් මේ යථාර්ථය තේරුම් ගත යුතුව තිබේ.
සැබැවින්ම කොරෝනා පැතිරුන තැන්වල සිට එන අයගේ මානසිකත්වයද තේරුම් ගනිමින් ඒ අයට සුහදිශිලි පිලිගැනිමක් කරමින් බිය නැතිකරමින් කරුණ පැහැදිලි කරදි සාමුහික සැලැස්මකට යාම කළ යුතුව තිබුන අංක එකේ කාර්ය වුවද එය සැබැවින්ම රජය මගහැර තිබුණි.
එතැන් පටන් අපට දැන් අසන්නට ලැබෙන අත්දකින දේවල් සැබැවින්ම ප්‍රථිපලය.
ඒ ප්‍රථිපල යනු ආණ්ඩුවේ ගොන්කම යන හේතුව විසින් ජනිත කරන ලද දෑය

මේ අයව ඉතා ආදරයෙන් පිළිගෙන කොළඹ අවට පහසුකම් සහිත තැනක දින 14 ක් නිරෝධායනක් කිරිමට කටයුතු සැලැසුම් කිරිමට රජයට ලේසියෙන්ම හැකියාව තිබුණි.
සයිට්ම්  වැනි තැනක් වුවද විශාල පිරිසක් එකවර නිරෝධායනයට පහසුකම් සහිතව යොමුකල හැකිව තිබුන හොද විකල්පයකි.
අද රට මුහුණ පා අභියෝගය හමුවේ මිගමුවේ සහ අවට ඇති තරු පංති හෝටල් වුව කුලි ගේවා රැගෙන මේ නිරෝධායනයට යෙදුවේ අප මේ වන විට තත්වය කොයිතරම් දුරට කළමණාකරණය කර ගත හැකිව තිබුණිද.රජය කල්පනා කළ යුතුව තිබුණේ එසේය.
මේ එකක්වත් නොකර දිගුකාලින සැලසුම් රහිත මැදිහත්විම් කරන්නට යැමේ ප්‍රතිපලය විසින් අද රටක්ම අර්බුදයට හෙලා ඇත.
ඒ සදහා ඉතා පැහිදිලිව වගකිව  යුත්තේ මේ පාලකයන්මය.කොරෝනා පැතිර ගිය රටවල සිට පැමිණි ශ්‍රිලංකිකයන් 1500කට හෝ 2000 කට නිසි පහසුකම් සහිත නිරෝධායනක් සංවිධානය කිරිමට මසුරු වු මේ පාලකයෝ අද කෝටි දෙකක ජනයාගේ ජිවිත බිල්ලට දි මුළු රටම ව්‍යසනයක පටලා තිබේ.