කොරෝනා අවදානම් ගම්මාන අතහැර තමන්ගේ ගමට එන්නත විදින මිගමු නගරාධිපති …

0
216
corona

මිගමුවෙන් මේ වන වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වෙමින් ඇත්තේ මුන්නක්කරයෙනි.පසුගිය දින දෙක තුල මුන්නක්කරය ප්‍රදේශයෙන් වාර්තා වු කොරෝනා ආසාදිතයන් ගණන 50 ඉක්මවා තිබේ.
මේ අතර මිගමුවෙන් දැනට වාර්තා වි ඇති මුලු ආසාදිතයන් ගණන 800 ඉක්මවා ඇති අතර ඉන් 240ක්ම වාර්තා වි ඇත්තේ තලාහේන පේරුව ප්‍රදේශයෙනි.ඉන් 118 වාර්තා තිබුනේ පිටිපන සහ දූව ප්‍රදේශවලනි.මිගමුවේ වැඩිම පිරිසක් දිනපතා යන එන ලෙල්ලම තුනක්ම පිහිටා ඇත්තේද මේ ප්‍රදේශය තුලය.

තතු එසේව තිබියදි මිගමුව නගරාධිපතිවරයා ඉතාමත් ග්‍රෝත්‍රික අකාරයෙන් සිය ගම වන වැල්ලවීදියට පලමුන එන්නත් ලබාදිමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.මිගමුවේ ප්‍රධාන පුරවැසියා යනු විද්‍යාත්මකව සිතන පතන අයෙකුට වඩා ග්‍රෝත්‍රික මානසිකත්වයක් ඇති අයෙකු යැයි කියන්නට තවත් උදාහරණය අවැසි නැත.ඔහු ක්‍රියාවෙන්ම දැන් හොඳහැටි ඔප්පු කරමින් සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here