කොරෝනා අවදානම පතුරමින් කට්ටිපනින මිගමු දේශපාලකයන් කව්ද ?

0
131

මීගමුව මහනගර සභාව නියෝජනය කරනු ලබන ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් අතරද කොරෝනා අවදානමක් මේ වන විට පැතිර යමින් තිබේ.
ඊයේ දිනයේ වාර්තා වු අන්දමට දැනටමත් නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබේ

මේ පසුබිම තුල ඇතැම් දේශපාලකයන් පවතින කොරෝනා අවදානම ගැන වඩාත් වගකිම් සහගත ආකාරයෙන් කටයුතු කරමින් සිටියදි තවත් අය වගකිම් විරහිත ලෙසින් හැසිරෙන්නට පටන් ගෙන තිබිම ගැන කසුකුසුවක් මේ වන විට නාගරික මන්ත්‍රිවරුන් අතර මතුව ඇති බැව් පෙනේ.

මේ අතර මිගමුවේ දෙවන පුරවැසියාෙග් පවුලේ අයෙකු කොරෝනා ආසාදිතව සිටියදි නියෝජ්‍ය නගරාධිපතිවරයා කටයුතු කර ඇත්තේ වගකිම් සහගත ආකාරයෙන්ද යන ප්‍රශ්ණය මිගමුවේ නාගරික මන්ත්‍රිවරුන් අතරම දැන් කථා බහ වෙමින් තිබේ.

වාර්තා වි තිබුන අන්දමට නියෝජ්‍ය නගරාධිපතිවරයා පවතින අවදානම තේරුම් ගෙන කඩිනමින් PCR පරික්ෂණ වලට ඉදිරිපත් නොවි මෙලෙස කට්ටි පනින්න ඇයිද යන්න ගැටළුවක් බව නම සදහන් කිරිමට අකමැති වු පොහොට්ටු මන්ත්‍රිවරයෙකුම මිපුර අමතා ප්‍රකාශ කර සිටියේය