කොරෝනා අවදානම හමුවේ ආදිවාසි ගම්මානයත් වසා දමයි. !

0
166

වන්නිල ඇැත්රට තුල කොරෝනා රෝගින් ප්‍රමාණය ඉහළ යැමත් සමග, අඩු පහසුකම් සහිත ආදිවාසී ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අද 25 දින සිට දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හා ජනතාව සදහා විවෘත නොකිරිමට තමන් තීරණය කල බව ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී වන්නිලා ඇත්තන් මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර සිටි ada.lk වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

රජය විසින් හෝ සෞඛ්‍ය අංශ දැනුවත් කිරිමකින් ‍තොරව, ආදිවාසී ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, ආදිවාසී කෞතුකාගාරය ඇතුලු ආදිවාසී ගම්මානය සංචාරකයන් සදහා විවෘත නොකිරිමට තමන් මෙම තීරණයට එලැඹි බව නායකතුමන් එහිදි  වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි බවද එහි සදහන්ය

මේ අතර බින්තැන්නේ වංහුං ෆේස් බුක් පිටුවේ රිදීමාලියද්ද සෞඛ්ය වෛද්ය නිලධාරි කොට්ඨාශයේ වෙලම්පැලේ ග්රා නී වසමේ පවුල් කීපයක් නිරෝධායනයට ….පෑලියගොඩ covid ආසාධිතයාගේ සමීපතමයින් හේතුවෙන් අවධාරණයක්ද එක් කොට තිබේ.එමෙන්ම තමන් දන්නා ස්ථානවලින් මිස නොදන්නා ලොරි රථවලින් මාලු නොගන්නා ලෙසද එම පිටුවේ වැඩිදුරටත් සදහන්ය.
දැනටමත් වාලච්චේනේ ධිවරය වරාය වසා දමා ඇති අතර වාලච්චේන පොලිස් වසම හුදකලා කොට තිබේ.ඒ පැතිවලින් මාළු ලොරි මහියංගනය පැමිණිමට ඇති ඉඩ කඩ ගැනද ජනතාවට කල්පනාවෙන් සිටින ලෙසද වැඩිදුරටත් උපදෙස් ලබා දි තිබේ