කොරෝනා අවධානම අස්සේ මිටරේ නැති ,මුහුණු ආවරණ නැති ලංසාගේ මැතිවරණ ප්‍රචාරණය දිගටම ?

0
87

නිමල් ලංසා 1කොරෝනා අවධානම යළිත් වරක් දැන් ඉහල යමින් තිබේ. එය දෙවන රැල්ලක ඇරඹුවක් විය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවා දැනටමත් අනතුරු අගවා තිබේ.
මේ පසුබිම තුල සියළු සෞඛ්‍ය විදි විධාන රකිමින් සියලු දෙනාම කටයුතු කළ යුතුව තිබුණද දැනටමත් ඒ තත්වය බරපතල ලෙසින් අවධානමකට ලක්කරමින් දේශපාලකයන් සිය මැතිවරණ ප්‍රචාරක වැඩවල නිරතව සිටිති.මුහුණු ආවරණ නැත. මිටරේද නැත. රැස්විම් වලට එන අයට අත්සෝදා ගැනිමට කිසිදු පහසුකමක් නැත.ඒ් සියල්ල කොරෝනා වසංගතයට අතවැනිමකි.
ජනපතිගේ සිට සියලු දේශපාලකයන් විසින් මේ වන විට රටත් ජනතාවත් අනතුරේ හෙළිමින් සිටි.
ගම්පහ දිස්ත්‍රික් පොදු ජන පෙරමුණු අපෙක්ෂක නිමල් ලංසා පසුගිය කාලය තුල සිය ෆේස් බුක් පිටුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්ම මැතිවරණ කොමිසමේ මගපෙන්විම් යටතේ මැතිවරණ ප්‍රචාරයේ යෙදෙනවා යැයි කියා සටහන් තබමින් එයට ඉදුරාම පටහැනිව කටයුතු කර තිබුන අතර මෙ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්ම මැතිවරණ කොමිසමේ මගපෙන්විම් යටතේ මැතිවරණ ප්‍රචාරයේ යෙදෙන බව කියැවෙන සටහනද ෆේස් බුක් පිටුවෙන් ඉවත් කරතිබේ.
ඒ රටම යළිත් බියට පත්වෙමින් ඇති පසුබිමකය. පිටිපන මෙන්ම කුරණ ප්‍රදේශයේද කන්දකාඩු පොකුර හේතුවෙන් නිරෝධායනට  යොමුව ඇති පිරිස් පවා සිටින පසුබිමක දේශපාලකයන්ට මෙන්ම ඒ අයගේ රැස්විම් වලට එන අයටද වගක් නැති ගානය .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here