කොරෝනා අස්සේ බරපතල ඖෂධ හිඟයක් : ඖෂධ මාෆියාව රාජපක්ෂලා පසුපස..

0
70
මේවනවිට රජයේ රෝහල් වල බරපතල  ඖෂධ හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.ඒ අනුව ඖෂධ වර්ග 418ක් පිටින් මිලදී ගැනීමට අනුමැතිය දී ඇතැයි ද ඔහු සඳහන් කළේය. ඒ කිසිඳු ටෙන්ඩර් කැඳවීමකින් තොරවය.

යහපාලන ආණ්ඩු සමයේදී හදිසි අවස්ථාවන් වලදී මෙසේ බාහිරින් මිලදී ගෙන ඇත්තේ, ඖෂධ වර්ග 10 -15 ක් පමණි.

මතුව ඇති තත්වය තුල ඖෂධ සැපයීමේ කොන්ත්‍රාත්තු ලබාගැනීම සඳහා ඖෂධ මාෆියාවේ ඇතැමුන් මේදිනවල ආණ්ඩුවේ ප්‍රබලයින් පසුපස යමින් සිටින අතර ඉදිරි මහ මැතිවරණයට මුදලින් ආධාර කිරීමට ද ඉදිරිපත්ව ඇතැයි වාර්තාවේ.

 

කොරෝනා අස්සේ ඖෂධ සමාගම් ‘ඉහගෙනම කාලා’!

මේ අතර ආණ්ඩුවට පක්ෂපාති lankaleadnews.com වාර්තා කර ඇත්තේ, කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමා තිබුණු අවස්ථාවේ එයින් ප්‍රයෝජන ගනිමින් ඖෂධ සමාගම් ඖෂධ රැසක මිල විශාල ලෙස ඉහල දමා ඇති බවයි. මේ හේතුවෙන් ජනතාවට දරා ගැනීමට නොහැකි තරමට ඇතැම් ඖෂධවල මිල ඉහළ ගොස් ඇතිබව එම පුවත් වාර්තාවේ සඳහන් වේ. එම පුවත් වාර්තාවේ මෙසේද දැක්වේ.

”මේ අතර මිල පාලනයක් සහිත ඖෂධ වර්ගවල මිල ද ඉහළ දමා ගැනීම සඳහා ඇතැම් ඖෂධ සමාගම් රජයෙන් අවසර ඉල්ලා තිබේ.

මිල වැඩි කරන්නට ඉඩ නොදුනහොත් ඖෂධ හිඟයක් ඇතිවනු ඇතැයි සෞඛ්‍ය අංශවලට අනතුරු හඟවමින් මිල වැඩි කිරීමට ඖෂධ සමාගම් උත්සහ ගනිමින් සිටිති.

දැනට මෙරට ඖෂධ වර්ග 74ක් මිල පාලනයට යටත් වන අතර වෙළෙඳ නාම වශයෙන් ගත කල ඊට ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් යටත්වේ.

දැනටමත් ඖෂධ සමාගම් ඖෂධවලින් සියයට පනහේ සිට සියට දෙසීය දක්වා විවිධ ප්‍රතිශත ඔස්සේ ලාභ ලබමින් ඖෂධ ආනයනයේ යෙදෙති.”

theleader.lk