කොරෝනා අස්සේ මිරුසුවිල් ඝාතකයෙකුට ජනපතිගෙන් සමාව !

0
136

මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව වසර 05ක් බන්ධනාගාර ගත ව සිටි යුධ හමුදා විශේෂ බලකා දිගදුර විහිදුම් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

අද (26) උදෑසන 9.30 ට පමණ වැලිකඩ බන්ධනාගාරයේදී සුනිල් රත්නායක මහතා මෙලෙස නිදහස ලබා පිටව ගොස් තිබේ.
කුඩා දරුවන්ට ඇතුළු 8 දෙනෙකු පසුගිය යුද සමයේදි ඉතා තිරිසන් ලෙසින් ඝාතනය කර තිබුණි. ඒ පිළිබදව නඩුව වසර ගණනාවක් තිස්සේ විභාග විමෙන් අනතුරුව යුධ හමුදා විශේෂ බලකා දිගදුර විහිදුම් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක නැමැත්තාට මරණ දණ්ඩනය නියම විය.

යාපනය , මුරුසුවිල් ප්‍රදේශයේදී දරුවන් ඇතුළු දෙමළ ජාතිකයන් අට දෙනෙකු සමූල ඝාතනය කිරීමට අදාලව සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් දාහතර දෙනෙකුට චෝදනා එල්ල විය.

ඔවුන් විසින් මරාදමන ලැබූ පිරිස අතර පස් හැවිරිදි දරුවෙකු හා යෞවනයන් තිදෙනෙකු සිටි බව වෛද්‍ය නිළධාරීන් සී.කදිර්වෙට්ටි පිල්ලෛ ගේ සාක්ෂිය අනුව සනාත වී ඇත.

2000 වසරේ දී මෙම සිදුවීම සිදු වු අතර වසර ගණනාවක නඩු විභාගයකින් පසු 2015 ජුනි 25 වන දින සැරයන් සුනිල් රත්නායකට සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා පහළවකට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කළේය.

රටම කොරෝනා අර්බුදය හමුවේ විනාශ මුඛය කරා ගමන් කරමින් තිබියදි අධිකරණය හෑල්ලු කරමින් ජනාධිපතිවරයා ගෙන ඇති මේ නිහින ක්‍රියාවට එරෙහිව දැනටමත් මුහුණු පොත හරහා දැවැන්ත විරෝධයක් සමාජ ගත වෙමින් තිබේ.