
ඒ ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950කි. එසේම ආසාදිතයින් 467ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ සංඛ්‍යාව 771 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.
නාවික හමුදාවේ සාමාජිකයින් 901 දෙනෙකුට මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.
කෙසේවෙතත් පසුගිය දින දෙක තුළ දී නාවික හමුදාවෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වූයේ නැත.
ඒ අනුව කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 127 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව නාවික
හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.