කොරෝනා ආසාදිතයන් ගණන 2001 දක්වා ඉහලට , 904 ක්ම නාවික හමුදා සාමාජිකයන් ….

0
42

Navy 1කොරෝනා පිළිබදව සමාජය තුල තිබුනු පිය දැන් පහව යමින් තිබෙන අයුරු පෙනි යන්නේ අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුයැයි කියැවුණු සෞඛ්‍ය නිර්දේශ බහුතරයන් දෙනා විසින් ගණනකට නොගෙන කටයුතු කරමින් සිටින තත්වයක් දැන් වර්ධනය වෙමින් ඇති නිසාය.
සැබැවින්ම එය භායනක තත්වයකි.
ඔබ ලෙඩරෝගවලින් පරිස්සම් විය යුත්තේ හොඳ සනිපයෙන් සිටින විටයැයි කියමනක් තිබේ. එහෙත් අද ඒ ගැන වගක් නැති සමාජ ක්‍රියාකාරිත්වයක හරස් කඩක් සමාජයේ බොහෝ තැන්වලදි දකින්නට තිබේ.
විශේෂයෙන්ම දේශපාලකයන් මෙන්ම ඒ අයගේ රැස්විම් වලට පැමිණෙන ජනයාටද පවතින් බියකරු තත්වය ගැන නිනව් නැති ගානය.
කෙසේ වෙතත් අද (25) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකේ පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටි.ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1602 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් 19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ඊයේ (24) හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 2001 දක්වා ඉහළ ගියේය.
මෙරටින් ඊයේ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10කි.
ඉන් 07 දෙනෙකු අමෙරිකාවේ සිට පැමිණි අය වන අතර සෙසු තිදෙනා ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි නාවික හමුදා සාමාජිකයින්වේ .
මෙලෙස නාවික හමුදාවෙන් ආසාදිතයින් වාර්තා වුණේ දින 05කට පසුවය
ඒ අනුව මෙරට නාවික හමුදා සාමාජිකයින් 904 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර ඉන් තවත් 21 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 811 දක්වා අද (25 ) ඉහළ ගොස් තිබේ.
මාර්තු මස 11 වනදා මෙරටින් පළමු කොවිඩි 19 රෝගියා හඳුනා ගැනීමත් සමග මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2001 කි.
ලංකාව තුල වාර්ථා වි ඇති අසාදිතයන් ගණනින් අඩකට ආසන්න ප්‍රමාණයක් සමන්විත වන්නේ නාවික හමුදා සමාජිකයන් අතුරිනි.
ඒ ගණන 904 ක් වේ.