කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර සඳහා රැගෙන යාම පමාවිම නිසා මිගමුවේත් ගැටළු රැසක් !

0
111

කොරෝනා අසාදිතයන් ලෙසින් හදුනාගැනිමෙන් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකිරිම රටේ බොහෝ තැන්වලදි මෙන්ම මීගමුවේදිද බරපතල ගැටළු රැසක් නිර්මාණය කර තිබේ.
මිපුර අමතා කථා කළ කුරණ ප්‍රදේශයේ අයෙකු කියා සිටියේ එකම පවුලේ කොරෝනා ආසාදනය වු තරුණියන් දෙදෙනෙකු සිටින බවත් ඒ අයව අදාල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිම පමා තිබුන බවත්ය.මේ තරුණියන්ගෙන් එක් අයෙකු ඇදුම රෝගයෙන් පෙළන අයෙකු බවත් ඇය හුස්ම ගැනිමේ අපහසුතාවකටද ලක්ව ඇති බවත්ය.
කෙසේ වෙතත් දිගින් දිගටම අදාල බලධාරින් දැනුවත් කිරිම මත ඊයේ රාත්‍රියේ මේ ආසාදිත තරුණියන් දෙදෙනාව ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර තිබුණි