කොරෝනා ආසාදිතයන් වාර්තාවු මිගමුවේ සියළු ව්‍යාපාරික ආයතන වසා දමද්දි නවලෝකේට පමණක් විශේෂයක් ඇයි ??????

0
143

එක රටක් නීති දෙකක් යැයි කියනවා සේම දැන් එක නගරයක් නීති ගොඩක් යැයි කියන්නටද මිගමුව අරභයා සිදුව තිබේ. එයට හේතුව වි ඇත්තේ පසුගිය කාලය තුල කොරෝනා අසාදිතයන් සිටියේ යැයි හදුනාගත් මිගමුවේ සියලු ව්‍යාපාරික ස්ථානයන් යම් දින ගණනකට හෝ වසා දමද්දි මිගමුව නවලෝක රෝහල යන ව්‍යාපාරික ආයතනය කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකුම එහි කාර්යමණ්ඩලය තුලින්ම හදුනාගෙන තිබියදි පැයකටවත් එය වසාදමන්නට කටයුතු නොකරන්න තරම් අලුත් නීතියක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කලේ කව්ද යන්න ගැන පුලුල් කථාබහක් දැන් මිගමුව තුල මතුව තිබේ.

මිට සති කිපයකට ඉහතදි මිගමුවේ සුපිරිම අවන්හලක් වු ග්‍රැන්ඩ් ආයතනයේ සේවකයන් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙසින් හදුනාගැනිමත් සමගින් එහි පාලක මණ්ඩලය ඒ පිළිබදව සිය ෆේස් බුක් පිටුවල පවා ජනතාවට නිවරදි තත්වය දැනුම් දෙමින් දින කිපයක් වසා දමන්නට කටයුතු කර තිබුණි.

අදාල කලාපය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ග්‍රැන්ඩ් ආයතනය තුල අහාර නිෂ්පාදන ඇණුවුම් කොට පිටතට රැගෙන යාමට හැකිවන සේ විවෘත කිරිමටද පසුව උපදසේ ලබාදි තිබුණි.
තතු එසේ වෙද්දි මිගමුව නවලෝක රෝහලට වෙනනම නිතියක් ක්‍රියාත්මක කළේ කව්ද ???