කොරෝනා ගැන බිය පහකරගත් ජනයාව යළිත් භය කිරිමට පොලිසිය හෙට සිට අරඹන අලුත් මෙහෙයුම….

0
67

ajithසැබැවින්ම දැන් රටේ බහුතරයක් දෙනාට කොරෝනා පිළිබදව තිබුන බිය පහව ගොස් තිබේ. රට ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්කරමින් තිබිමත් මැතිවරණ ඉල්ලක්ක කරගත් රැස්විම් ආදි විවිධ ප්‍රචාරකවාදි වැඩසටහන් හරහා දේශපාලකයන්ද හරි හරියට නිති කඩමින් මුහුණු ආවරණත් නැතිවම සාමන්‍ය තත්වයෙන් හැසිරිමත් හරහා ජනතාවට කොරෝනා බිය ක්‍රමයෙන් පහව යමින් තිබේ.
මේ නිසාම දේශපාලන රැස්විම් වලට එන අති බහුතරයකට මුහුණු ආවරණ පවා නොමැත.
එහෙත් ඒ ජනයාට ඒ ගැන මතක් කරදෙන්නට යළිත් පොලිසියටම නිති පනවා බයකරන්නට සිදුව ඇත්තේ මේ ආන්ඩුවේම ඇමතිවරුන් විසින් පවා ජනයාට ආවාදර්ශ දෙමින් හැසිරෙන පසුබිමකය.
මේ නිසා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහනට යළිත් නියෝග දෙන්නට සිදුව තිබේ. ඒ අනුව මුහුණු ආවරණ නැතිනම් දින 14 ක නිරෝධායනකට යොමුකරන බවට දැන් නියෝග ලබා දි තිබේ.
රටතුල නිතියක් දැන් ක්‍රියාත්මකව පවතිද්දි ඒ ආණ්ඩුවේම මැතිඇමැත්තන් දේශපාලන රැස්විම් වල විනයක් නැතිව හැසිරෙන්නේ නම් රටේ විනයක් පිහිටුවන්නට බැරිව ඇත්තේ ඇයිදැයි යන්න තේරුම් ගැනිමට තවත් උදාහරණ අවැසි නොවේ