අද දිනයේ පමණක් මිය ගොස් ඇති ගණන මාධ්‍ය විසින් වාර්ථා කොට ඇත්තේ 133 ක් ලෙසින්ය.
එහි ඇති බියකරු තත්වය අපට පැහැදිලි ලෙසින් හදුනාගත හැක්කේ වෛරසයේ පැතිරිම ආරම්භ වු චිනයේ දිනකට මිය යන ගණන 28 ක් ලෙසින් සටහන් වෙද්දි එයටත් වඩාත් පස්ගුණයකින් ඉතාලියේ දිනකට මරණ සිදුවෙමින් තිබිම හේතුකොට ගෙනය.
වර්ධනය වෙමින් ඇති බියකරු තත්වය හමුවේ ඉතාලියේ ජනයාට මෙන්ම වෛරසය වේගයෙන් පැතිර යන කලාපයේ සිටින 80000 කට ආසන්න ශ්‍රිලාංකිකයන් වෙත අපගේ ආදරය සහෝදරත්වය නොබදව හිමිවිය යුතුව තිබේ.
එහෙත් චීනය වෙනුනේ බෝධිපුජා ආගමික වතාවත් පැවැත්විමට මුල්ව කටයුතු කළ අයටද දැන් ඉතාලිය අමතකය.
කතෝලික සභාව පවා මූලිකත්වය ගෙන මේ වෙනුවෙන් අපගේ ආදරය ඔවුන් වෙත පිදිමට කිසිදු සංවිධානාත්මක වැඩපිලිවෙලකට ඇති සුදානමක් ගැනද තොරතුරක්වත් නැත.
රටේ දේශපාලනය නායකයන්ද නිහඩය.( චීනයට නම් තේ යවන්නටද දේශපාලකයන් කටයුතු කළා මතකය )
ඒ මදිවට මුලු රජයම අපකිර්තියට පත්කරමින් නිමල් ලංසා නැටු නාඩගම පමණක් දැවැන්ත අමිහිරි අත්දැකිමක් ලෙස විදේශගතත ශ්‍රිලාංකිකයන් හට මේ රජය මේ වන විට ඉතුරුකර දි ඇත.රජය නියෝජනය කළ දේශපාලකයෙකු ලෙසින් නිමල් ලංසා ඉතාලියේ සහ කොරියාවේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ට එරෙහිව හැදල ජනතාව උසිගන්වමින් කරන ලද ඒ බරපතල පිළිකුල් සහගත වැරැද්ද ගැන රජයේ එකදු නායකයෙකු හෝ විපක්ෂයේ කිසිවෙකු සිය හඩ අවදි කළේ නැත.
ඒ් වෙනුවෙන් සිය විරෝධයන් සමාජ ගත කරන්නට වුයේද ඉතාලියේ සහ කොරියාවේ දි පිඩාවට පත්ව සිටින අපේම සහෝදර සහෝදරියන්ට පමණි.
මෙය සැබැවින්ම දැවැන්ත ඛේදවාචකයකි..
නිමල් ලංසා විසින් කරන්නට යෙදුන මේ අමන ක්‍රියාවට ඔහුට නිසි පාඩම් ඉගැන්විමට එළඹෙන මැතිවරණයේදි සියළු ප්‍රගතිශිලි ජනයා එකාවන්ව පෙළගැසිය යුතුව තිබේ.
වෙන්නප්පුව දේවස්ථානයේ පැවැති යැදුම් මෙහෙයක් ගැන සදහන් මුහුණු පොතේදි ඇසගැටුණි.
සැබැවින්ම හැදලදි කිතුණු දහම පවා පාවාදුන් ඒ පියතුමන්ලා ප්‍රසිද්ධියේ දැන් සමාව ගතයුතුව තිබේ. ලංසා වැනි කපටියෙකු නම් එය කිසිසේත්ම නොකරන බව අප ඉතා හොදින් දනිමු. එබැවින් නිමල්ලංසාට දිය යුතු නිසි පිලිතුරු ඉදිරි දිනවලදි පොලියත් සමගින් ලැබෙන බව පමණක් අප ඉතාමත් හොදින් දනිමු.
සංඛ්‍යා දත්ත පිළිබදව මුලාශ්‍රය-www.worldometers.info