කොරෝනා නිසා ඉතාලියේ සංචාරය නොකරන ලෙස රටවල් රැසකින් අනතුරු ඇගවිම් !

0
131

Elia-Locardi-Whispers-From-The-Past-The-Colosseum-Rome-Italy-1280-WMඉතාලියේ පුරා වේගයෙන් පැතිර යන කොරෝනා වෛරසය නිසා එහි සංචාරය නොකරන ලෙස රටවල් කිපයක් විසින් දැනටමත් සිය රටවැසියන්ට අනතුරු ඇගවිම් කර තිබේ.
අයර්ලන්තය, ඊශ්‍රායලය, සර්බියාව සහ බොස්නියාව ඉතාලියට නොයන ලෙස උපදෙස් දුන් රටවල් කිහිපයක් අතර විය.
ඊයේ දිනයේ පමණක් මරණ තුනක් ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයෙන් වාර්තා වු අතර දැනට කොරෝනා වෛරසය පැතිරිම අනුව තෙවෙනි බරපතල රට බවට ඉතාලිය මේ වන විට පත්ව තිබේ.
ඊයේ වන විට ආසාදිත රෝගින් 229 ක් වාර්ථා වි තිබුණි.