කොරෝනා නිසා රෝහල් ගතකළ සුපිරි ඉන්දිය ගායක බාලසුබ්‍රමනියම්ට අසාධ්‍යයයි …..

0
108

116877582_3713810708646938_2209382883627156911_n

නව කොරෝනා වෛරසය ආසාදනයවී සිටින ඉන්දියාවේ සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් ගේ තත්ත්වය ආසාධ්‍ය තත්ත්වයට හැරී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.‬

‪”එස්.පී. බාලසූබ්‍රමනියම් මහතාගේ තත්ත්වය ඊයේ රාත්‍රියේ සිට අසාධ්‍ය තත්ත්වයට හැරී තිබෙනවා. මේ වන විට ඔහු ජීවිතාරක්ෂක යන්ත්‍රයක ආධාරමත පසුවනවා” යැයි එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

එස්.පී. බාලසූබ්‍රමනියම් ඉන්දියානු සිනමාවේ භාෂා 16 කින් ගීත 40,000 කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති දක්ෂ ගායකයෙක් වනවා.117387017_4860851750607086_2235584360294468430_o

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here