කොරෝනා නිසා සිසිලියට ඒමට සිදුවු ප්‍රංශ අමුත්තන් !

0
211

කොරෝනා වසංගතය යනු මුලු ලෝකයම එක්තරා හැරවුම් ලක්ෂයකට ලක් කල  ඉතිහාසගතවන සිදුවීමක් වී හමාරය . මානුෂිය හැගීම් විවාදාත්මක කිරීමට ලක් කල මෙම ව්‍යසනනය දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රබල රටවල් වගේම ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක් ආර්ථීක හා සමාජීය වශයෙන්  නිහඩ කලේය. ක
එදාවේල සොයාගැනීමට තම ජිවීකාව කරන බොහෝමයක් අප රට තුල පමණක් නොව මුලු ලෝකය පුරාම වැතිරී පවතී. මමත්වයට ඉඩ නොදී මානුශීය  හැගීමෙන් වෙනදාට වඩා  අප එකිනෙක හට වැඩිවැඩියෙන් ආදරය දැක්විය යුතු කාලයක් එලබී ඇත.

වීදි කලාව තුලින් ජීවිකාව ගෙන ගිය  ප්‍රංශ ජතිකයින් තිදෙනෙක්  කොරෝනා වසංගතය හේතුවෙන් කරකියා ගැනීමට නොහැකිව සිසිලියේ තම මිතුරන් ගේ සරණය පත ආ ගමන මුලු සිසිලියම කතා කල පුවතක් බවට පත් විය.

ඉරිතැලුනු ක්‍රීම් පාට පැරණී රෙනෝල්ට් 4 මාධිලියේ මොටර් රථයක් මෙස්සිනා තීරය හරහා සිසිලියට ඇතුලු වීමේදී පොලිස් පරීක්ශනයට   ලක්විය.

මෙම පුවත මෙස්සිනා  නගරාධිපති හා  නගරයේ බොහෝමයකගේ විවේචනයටද බදුන්ව තිබුණි.

IMG 20200323 WA0025 1

සරළ ජීවිතයක් ගත කරමින් වීදි කලාවෙන් එදාවේල සොයාගන්නා මෙම මිතුරන් තිදෙනා හා ඔවුන්ගේ සුරතලන් දෙදෙනා සමඟ  මාස  හතරක කාලයක්  දකුනු ඉතාලියේ කම්පාන්යා ප්‍රාන්තයේ වාසය කර ඇත. ඉතාලියේ මුලු නගර සියල්ලම වසා දමා නිරෝධායනය කිරීම නිසා  ඇතිව තිබුණ  තත්වය තුල තමන්ට වාසය කරන්න ස්ථීර නිවසක් නැති හෙයින් මෙම තිදෙනා කතානියා නගරයේ  සිටින ස්පාඤ්ඤ ජාතික තම මිතුරෙකුගේ ගෙදර  යැමට තීරණය කර තිබුණි.

Renault 4 francese bloccata in Sicilia                      ඒ එන ගමනේ ,  කලාබ්‍රියා ප්‍රාන්තයට ඇතුලුවීමට පෙර පොලිසිය විසින් මොවුන් කොවිඩ් 19 ආසාධනය වී ඇතිදැයි සැකය හේතුවෙන් එම පරීක්ශන වලට ලක් කරන ලද අතර  එම පරීක්ශන තුලින් ඔවුන් කොවිඩ් 19 ආසාධනය වී නැති බව තහවුරු වීම නිසා කලබ්‍රියා  ප්‍රාන්තය ඇතුලුවීමට අවසර ලැබිනි.

IMG 20200323 WA0018                 එම කාලයේදී සිසිලි ආණ්ඩුකාරවරයා  සිසිලියට පැමිනිම සීමා කරමින් පැනවූ නීති රීති  හේතුවන්,   අන්තර්ජාලය හරහා අවසරපත්‍රය  ගෙන පෙර දැනුම් දීමකින් ඔවුන් සන් ජොවන්නී තොටුපල වෙත ලගාවෙන්නේ සිසිලියට ඇතුලු වී කතානියා නගරයේ තම මිතුරාගේ නිවසට යැමටය. නමුත් එතනදී ඔවුන්ට එම අවස්ථාව එකවර හිමිනොවීම නිසා  දින දෙකක් නැව්තොටුපල්හි නැවතීමට සිදුවිය.

පසුව තම අසරණභාවය  තේරුම් ගැනීමට හැකිවන පොලීසිය හා නැව් බලධාරීන් සිසිලියට ඇතුලු වීමට අවස්ථාව ලබා දුනි. ඒ අතර තුර සිසිලිය පුරා තම ගමන පිලිබන්ද  පුවත් පිට පුවත් මැවී හමාරය . කෙසේ හෝ මාර්තු 23 දින රෙනෝල්ට් 4 පැරණි රථයෙන් කතානියා නගරයේ අචි තේර්සා හී ඔවුන්ගේ මිතුරාගේ නිවසට  ළංවීමට හැකි විය.මේ වන විට  එම නිවසේ සියලු දෙනාම දින 14 ස්වයං නිරෝදායනයකට ලක් වන බව අන්තර්ජාලය හරහා සම්බන්ද වෙමින් පවසා තිබේ.

90625720 653149081905367 9216596536966774784 n

 

මෙම පුවත මෙස්සිනා නගරයේ නගරාධිපති තුමාගේ හා බොහෝමයක් නගරවැසියන්ගේ විවේචනයටද  ලක් විය.
මේය මහත් අසීරු අවස්ථාවක් මෙවැනි සිදුවීම්  හරහා අසරණවන බොහෝමයක් අප අවට සිටිය හැකිය.
මේ මොහොතේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන, ආන්තිකභාවයට ඇද වැටෙන බොහෝ දෙනෙකුට උපකාර කළ යුතුව තිබේ.
අත් සේදීමට පවා වතුර නොමැති කූඩාරම් නගරවල වෙසෙන කුලී නිවැසියන්ට නිවාස නොමැති, කම්කරුවන් අපට කළ හැකි දේ කළ යුතුමය.
සමාජයේන් උසුළු විසුළු වලට ලක් වන ඔවුන්ද මනුෂ‍යෝය.
අපි එකිනෙකාට සම්බන්ධය
මෙම අන්තර් සම්බන්ධතාවය පිළිබඳ දැනුවත්ව අපි එයින් මිදෙමු.
 සෑම ආගමකට වඩා මනුශ්‍යාගම උතුම් වන්නේ ඒ හෙයිනි.ා
ඩිල්ෂාන් තිසේරා- මෙසිනා ඉතාලිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here