කොරෝනා පාලනය කරගන්න බැරි පාලකයෝ ගුරුවරුන්ට බනිති.

0
68

ජනාධිපතිවරයා විසින් හමුදාව ගැන පුර්ණ වගකිම භාර දෙමින් ක්‍රියාත්මක කරන්නට යෙදුන කොරෝනා පාලනය මුලුමනින්නම ආසාර්ථක වි රට දැවැන්ත අර්බුදයක් කරා දැන් ගමන් කර තිබේ.
‌මේ ආසාර්ථකත්වය ගැන හිටපු අගමැති තේරෙන භාෂාවෙන්ම ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදි යළිත් වරක් අවධාරණය කර සිටියේ දැන්වත් කොරෝනා පාලනය වගකිම පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසින් භාරගත යුතු බවය.
සෞඛ්‍ය විශේෂඥයින් ඉතාමත් පැහැදිලිව කර තිබුණ අනතුරු ඇගවිම දැන් ඇස්පනා පිටම සිදුවෙමින් තිබේ. දිනකට මිය කොරෝනා නිසා මිය යන ගණන දැන් 100 ට ආසන්න වෙමින් තිබේ.
තතු එසේව තිබියදි වැඩබැරි ටාසන්ලාට ඇන්ද පාලකයන් දැන් ගුරුවරුන්ට දොස්කියන්නට පටන් ගෙන තිබේ.

එ අනුව ada.lkවෙබ් අඩවිය වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වර්ජන රැල්ලත් සමග කොවිඩ් රැල්ලක් ඇතිවූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන බවය.

“වර්ජන රැල්ලත් එක්ක කොවිඩ් රැල්ලත් ආරම්භ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. රටේ ජනතාව එන්නත්කරණය කිරීමේ පළමු මාත්‍රාවෙන් පස්සේ සියලුම කොවිඩ් මාර්ගෝපදේශයන් කඩකරලා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමේ පරමාර්තය කියන න්‍යාය යටතේ දේශපාලන බලාපොරොත්තුවක් ඉටුකර ගන්න මුළු රටේම ජනතාගේ ජීවිතය අමාරුවේ දැම්මා යැයි නාමල් රාජපපක්ෂ පවසා ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.