කොරෝනා පාලනය නොකොළොත් සැප්තැම්බර් වන විට ජිවිත 20000 අහිමිවිය හැකියි – මංගල සමරවීර

0
138

රෝගය විශාල වශයෙන් පැතිරීම වැළැක්වීමට රට අපොහොසත් වුවහොත් මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ COVID වෛරසය හේතුවෙන් 20,000 කට ආසන්න පිරිසකට ජීවිත අහිමි විය හැකි බව හිටපු ඇමති මංගල සමරවීර සදහන් කර ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත
වොෂිංටන්හි පිහිටි විශ්ව විද්‍යාල පර්යේෂණ වාර්තාව ගැන කරුණු ඉදිරිපත් කරමින් හිටපු ඇමතිවරයා කියා ඇත්තේ මෙම පර්යේෂණ වාර්තාව කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවය.


හිටපු ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ . වොෂිංටන් විශ්ව විද්‍යාලය වසංගතය පිළිබඳව අභ්‍යන්තර අධ්‍යයනයක් කර ඇති අතර සමස්ත ලෝකය කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවය.
. එබැවින් ශ්‍රී ලංකාව වේගයෙන් ක්‍රියා කළ යුතු අතර වසංගතය පැතිරීම වැළැක්වීමට පියවර ගත යුතුය. “මෙම වාර්තාව එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය රෝගය සාර්ථකව පාලනය කිරීමට සමත් වූ රටවල් ලෙස ගෙන තිබේ. එබැවින් ශ්‍රී ලංකාව මෙම රටවල් ආදර්ශවත් රටවල් ලෙස ගත යුතුය.”
ආපදාව වළක්වා ගැනීම සඳහා ජනගහනයෙන් 70% කට හැකි ඉක්මනින් එන්නත් ලබා දිය යුතු බවද ඔහු පැවසීය. “කඩිනමින් ක්‍රියා කරන්නේ නම් ශ්‍රී ලංකාව ව්‍යසනය වළක්වා ගැනීමට ප්‍රමාද නැතැයි යනුවෙන් ඔහු වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වාර්තාව උපුටා දක්වමින් අවධාරණය කර තිබේ.
මුලාශ්‍රය- ඩේලි මිරර්