කොරෝනා පැතිරෙයි ! ඇවෙන්රා food festival ඒකට MOH අවසර දුන්නද ?

0
64

කොරෝනා වේගයෙන් පැතිර යන ප්‍රධාන දිස්ත්‍රික්ක දෙක බවට දැන් කොළඹ සහ ගම්පහ පත්ව තිබේ. රටතුල කොරෝනා ආරම්භයේදි පටන් ගම්පහ සහ කොළඹ කොරෝනා පැතිර යන ප්‍රධාන මර්මස්ථාන බවට පත්ව තිබුණි.

මේ වන විට නිදහස් වෙළද කලාපය තුල වේගයෙන් කොරෝනා පැතිර යන්නට පටන් ගෙන තිබේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිපයකම පැවැති මංගල උත්සව හේතුකොට ගෙන කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වි තිබුණි.

සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ලක්ෂ්මන්

කොච්චිකඩේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූවන් සියයකට කොවිඩ් ආසාදනය වී ඇති බව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ (26 වැනිදා) අනාවරණය කර තිබුණි.
ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මෙම විවාහ මංගල්‍යයට තුන්සිය පනහක් පමණ සහභාගි වී ඇති බවටද සෞඛ්‍ය අංශවලට තොරතුරු වාර්තා වී තිබේ. මේ සම්බන්ධයෙන්ද කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

පසුගිය 18 වැනිදා මෙම මංගල උත්සවය පවත්වා ඇත. උත්සවයට සහභාගි වූ ඇතැම් පිරිස් නිවාසද වසා දමා තොරතුරු වසන් කරමින් සිටින බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචිමාර්ග අනාවරණය කරයි. විවාහ මංගල්‍යයේ මත්පැන් පානය කරමින් නර්තන පීටිකාව මත නර්තනයේ යෙදුණු පිරිසකට උත්සවයෙන් දින කිහිපයකට පසු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ. කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස නිවෙස් නිරෝධායනයට යොමු කර තිබේ.

තතු ඒසේව තිබියදි පසුගිය වසරේ මෙන්ම මහත් ආන්දෝලනයකට තුඩු දුන් food festival ඒක මෙවරද සංවිධානය කිරිමට ඇවේන්රා හෝටල් හිමියන් කටයුතු සංවිධානය කරමින් සිටින බව වාර්තා වේ.

ගිය වසරේද දහස් ගණනක් පැමිණි මේ උත්සවය දින කිපයක් පුරා පැවැති අතර කටාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා වගකිමකින් තොරව එයට අවසර ලබා දි තිබුණි.
කටාන සෞඛ්‍ය නිළධාරිවරයා ඇවේන්රා හෝටලයේ සමිපතම හිතවතෙකු බවද ප්‍රකට කරුණකි.