කොරෝනා භීතියටත් එහා ගිය කොරෝනා විෂුවල් මේනියාව ?

0
92

Photo issue 1දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණයේ පිහිටි මාළු වෙළෙඳ සල් සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පළේ සිට ලොරි රථයකින් මාළු රැගෙන ආ පුද්ගලයකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු (22) දින සිට නැවත දැනුම් දෙනතුරු දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණය මුද්‍රා තබා සම්පූර්ණයෙන්ම වසාදැමු බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී අජිත් සංජීව මහතා පැවසී යැයි දිණිමිණ වෙබ් අඩවිය විසින් පළකර ඇති පුවතක සදහන්ය

මෙම වෙළඳ සංකීර්ණයේ පිහිටි මත්ස්‍ය වෙළෙඳ සල් සඳහා පෑලියගොඩ සිට හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග මසුන් රැගෙනවිත් ඇති බවත් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිලදී ගන්නා වෙළඳුන්ට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසා තිබුණි

මෙම පුද්ගලයා මාළු රැගෙන ආපසු මත්ස්‍ය වෙළෙඳ සැල් සඳහා එම මසුන් බෑම සිදු කරන අවස්ථාවේ දී වෙළෙඳ සංකීර්ණයේ පිහිටි අනෙක් වෙළඳ සැල් සඳහා ගොස් ඇති බවත් එම වෙළෙඳ සැල් වල හිමිකරුවන් හා සේවකයින් සමග ළඟින් ඇසුරු කර ඇති බවද ලැබුණු තොරතුරු වලින් අනාවරණය වූ පසු වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් වෙළඳ සංකීර්ණය සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා වසා දැමීමට තීරණය කළ බවද සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

වෙළෙඳ සංකීර්ණයේ අනෙකුත් වෙළඳ සැල් හිමිකරුවන් ඔවුන්ගේ නිවාස වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් (23) වන දින එම පුද්ගලයන්ටද පි.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය.

ඉහතින් පළව ඇත්තේ දිණිමිණ සම්පුර්ණ පුවතයි.

අප දැන් මතුකරන්නට යන්නේ ඒ පුවතට අදාල ජායාරූපය තුල සැගවි ඇති කොරෝනා බිය පිළිබදවය.
පුවතට අනුව වසාදැමෙන්නේ කොරෝනා ආසාදිතයෙකු පැමිණියේ යැයි කියන වෙළද සංකිර්ණයකි.
එසේ වසාදැමිමට යන් නිළධාරියා සහ තවත් දෙදෙනෙක්ද මිටරයකවත් දුරක් නැති එකට සිටින ඡායාරුපයක් ඒ පුවතේ දැක්වේ.

අනිවාර්යෙන්ම මේ පුවත ආවරණය කරන්නට පැමිණ ඇති ප්‍රාදේශිය මාධ්‍යවේදියා විසින් මේ අයට කියා ඇත්තේ වසාදැමු කඩයේ අලවන නිවේදනයට ආදලව  ඡායාරූපය සාමුහිකව පෙනි සිටින ලෙසය.
එහි අනතුරුදායක බව ගැන මෙහිදි කොයිතරම් දුරට ආදල මාධ්‍යවේදියා කල්පනා කළාද යන්න ගැටළු සහගතය.ඔහුට අවැසිව ඇත්තේ තමන්ගේ මාධ්‍ය ආයතනයට යැවිමට විෂුවල් එකකි.
ඒ නිසා සෞඛ්‍ය නිළධාරියාද නිරාවරණය වු දෑත් වලින් එකට සිට නිවේදනය අලවමින්  මේ ඡායාරූපයට පෙනි සිට ඇති සෙයකි.
මෙය විසින් පෙන්වා දෙන්නේ කුමක්ද ?
සැබැවින්ම එය බරපතල නොවේද ?

කොරෝනා විෂුවල් එක කොරෝනා වලට වඩා විශාල විම විසින් රට තුල නිර්මාණය කරමින්  ඇත්තේ කුමක්ද ?