කොරෝනා රතු කලාපයක් වු මිගමුවේ සෞඛ්‍ය ආරක්ෂිත බව රකින්න පාලකයන්ට බැරි වෙයි ???

0
87

පාර අයිනේ මාළුමීගමුව දැන් කොරෝනා අවධානම දැඩිව ඇති ලංකාවේ රතු කලාප වලින් එකකි. මේ පසුබිම යටතේ මීගමුවේ දේශපාලන අධිකාරියේ මෙන්ම පරිපාලන අධිකාරියේදි වගකිම වන්නේ ඇඳිරි නිතිය මැද වුව ලැබෙන සහන කාලය තුල වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත අයුරින් අවශ්‍යතා සපුරා ගැනිමට පිළිවෙලකට වැඩකටයුතු සැලැසුම් කිරිමය.
එහෙත් අද නගරයේ ඇවිද ගිය සැමට දැක ගතහැකි පොදු කරුණ වි තිබුනේ එවන් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් කල් ඇතිව සැලැසුම් කොට අද වැනි දිනයන්හිදි ක්‍රියාත්මක කිරිමට නිසි වැඩ පිළිවෙලක් නොතිබුන බවය
විශේෂයෙන්ම මිගමු දැන් ඇත්තේ දැවැන්ත ආනාරක්ෂිත බවක  මුව විටේය.ඒ ප්‍රථිපල නොලැබුන PCR පරික්ෂණ 320 කට සහභාගිවුවන් සිටින පසුබිමකය.
මෙහිදි විශේෂයෙන්ම අද වඩාත් අනාරක්ෂිතව තිබුනේ කොතලාවල පාලම සහ අලියපොල අවට පාර අයිනේ තැනින් තැන මාළු අලෙවිය කිරිම් සංවිධානය කර තිබිමයි.
මේ අය අතර PCR පරික්ෂණ කරන ලද අය සිටිය නොහැකිදැයි කෙනෙකු ප්‍රශ්ණ කර සිටියද එයට නිසි පිළිතුරක් දිමට කිසිදු පාලකයෙකු නැති බවක් පෙනේ .,
මහජන පරික්ෂකවරුන්ද අසරණය.
එසේ නම් පමා වි රැස්විම් සංවිධානය කළ එහිදි විවිධ තින්දු ගත් දේශපාලන අධිකාරිය මේ පසුබිම තුල ජනතාවගේ මෙන්ම නගරය ආරක්ෂා කරගැනිමට පියවර ගත යුතුව තිබුණි.
මිගමු වැල්ලේ මාළු වෙළඳ සැලද අද ක්‍රියාත්මකව පැවැති අතර එහි කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත බවක් දකින්නට නොලැබුනි.මිටරේ නැති අන්ත අවදානම් තත්වයක එය පැවැතුනි.මිනිසුන් කෑමට මාළු ගතයුතුය.ධිවරයන් ඇල්ලු මසුන් විකිණිය යුතුය.සැලැසුම් අවැසි වන්නේ එවාටය.
සැබැවින්ම රතුකාලපයක් මෙසේ අනාරක්ෂිත කරන්නේ නම් එවැනි නගරයක පාලකයන්ට අප නම් තැබිය යුත්තේ කෙසේදැයි ජනතාවටම භාර කරමු