කොරෝනා රෝගීන්ට බස්නාහිර පළාතේ රෝහල්වල ඇඳන් නෑ ?

0
484

බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නම් කර ඇති සියලුම රෝහල්වල ඇඳන්වල ධාරිතාවය සම්පූර්ණ ධාරිතාවයට පැමිණ ඇති බව බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ගාමිනි ධර්මසේන පවසා තිබේ.
ඔහු ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනේ මෙය භයානක තත්වයක් නමුත් සැඟවීමට කිසිවක් නොමැති බවයි.
“රෝගීන් පමණක් රෝහලෙන් පිටවන විට අපට රෝහල්වල ඉඩක් සොයා ගැනීමට සිදුවනු ඇත. රෝහල්වල ඉඩක් නොමැති නිසා බදාදා (28) පුද්ගලයෙකු ද වෛරසයට ගොදුරු වු බවද ඔහු සදහන් කර ඇත.
සෞඛ්‍ය බළධාරින් විසින් සඟවන්නට දෙයක් නැතැයි කෙලින්ම කියන තත්වයක් තුලදි රට මුහුණ ඇති තත්වයේ බරපතල කම තේරුම් ගනිමින් එයට කඩිනම් පිළියම් යොදන්නට අදාල වගකිවයුත්තන් නොපමාව කටයුතු කළ යුතුව තිබේ.
හුදු මාධ්‍ය සංදර්ශන ඉලක්ක කොට ගත් ප්‍රකාශවලින් එහා ගොස් ඇත්ත ප්‍රයෝගික විසදුම් කඩිනමින් ගෙන ආ යුතුව තිබේ
පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි තිබුනේ ආසාදියන් ලෙසින් හඳුනාගත් අය දින ගණනක් පුරා සිය නිවෙස්වල රදවා තබාගැනිමට සිදුව ඇත්තේ රෝහල් වල ඉඩකඩ නොතිබිම නිසා බවය