කොරෝනා වසංගතය මැද ලහි ලහියේ මීගමුවේ ඉදිවන අනවසර ගොඩනැගිලි ????

0
108

IMG-20201120-WA0020 ( 12.05 pm ) මීගමුව බස් ඩිපෝව අාසන්නයේ ඉදිවන අනවසර ගොඩනැගිල්ලක් පිළිබඳව ලැබුනු තොරතුරක් අනුව මා ඩිපෝව අසලට ගොස් ඒ ගැන විමසා බැලුවෙමි.
මෙම අනවසර ගොඩනැගිල්ල පිළිබඳව තොරතුරු ලබාදුන් පුද්ගලයා ප්‍රකාශ කළේ මෙහි එක මහලක ගෑවී නොගෑවී විදුලි රැහැන් ගමන් කරන බවය.
එය සත්‍යයක් මෙන්ම අවධානම්ය.
එමෙන්ම මේ විදුලි කුළුනු දෙකක්ම නිව⁣ස ඇතුලතය.
එසේම මෙම නිවසත් සමඟම ඒ නිවසට යාබද නිවසේද විදුලි කනුවක් ඇත්තේ නිවස තුළය.
මේවා මෙසේ සිදුවන්නේ කෙසේදැයි ප්‍රශ්ණ මතු වුවද එය මේ නගරයේ සාමාන්‍ය ස්වභාවය බව නොදන්නා කෙනෙක් නැත.
මා අවට සිටියෙකු ගෙන් ,මේ ගොඩ නැගිල්ලේ අයිතිකරු ගැන විමසූ විට ඔහු යාපනයේ වැසියෙකු බව පැවසීය.
අප දන්නා පරිදි දුප්පත් නගරවැසියෙකුට තමන්ගේ නිවසක් නීත්‍යානුකූලව , සාධාරණව සකස් කර ගැනීමට වුවද එය ඉතා දුෂ්කර දෙයක් බවට පත්වේ. ඊට අදාල නිලධාරීන් විසින් එවැනි සාධාරණ ඉල්ලීමක් පවා දුෂ්කරවූවක් බව මවාපාමින් එකී පුද්ගලයා අසරණ කරන අවස්ථා අප දැක අැත.
පසුගිය කාලය තුළ මීගමු නගරය තුළ අනවසර ගොඩනැගිලි කිහිපයක් අවසර ලබා ඒවායේ පදිංචියද සනාථ කර ගැනීමට ඒවායේ අයිතිකරුවන් සමත්විය.මේ සඳහා නගර පාලනය හොබවන ප්‍රධාන වගකිවයුත්තා පමණක් නොව ඔවුන්ගේ අන්තේවාසිකයන්ගේද මැදිහත්වීම අපි දැක්කෙමු.

සැම්සන් ඥානසිරි