කොරෝනා වසංගතය හමුවේ මිගමුවේ ලෙල්ලමත් ලෙඩවෙයි ……

0
196

IMG-20201015-WA0005

මාළු මිල අදත් ඊයේ ( 14 ) පැවති මිල ගනන් වල මට්ටම වන අතර ලින්නා පමණක් රු. 300/ක් දක්වා පහත බැස ඇත. ඒ නිසා අදත් තමන්ගේ මාළු විකුණා ගැනීමට අපහසු බව මීගමුවේ දූව  පිටිපන ලෙල්ලමේ වෙළඳුන් පවසති.
මාළු අඩුවීම මෙන්ම ඊට පුධාන හේතුවක් ලෙස ලෙල්ලමේ ලෑලි වල සිටින වෙළෙන්ඳන් පවසන්නේ කොරෝනා වසංගතය නිසා වේයන්ගොඩ, මිනුවන්ගොඩ, ගම්පහ, කටාන, සීදුව යන ප්‍රදේශ වලින් වෙළෙන්ඳන් නොපැමිණීම බවය.
මේ අනුව අද මිල ගනන්…..
බලය -350 -450
කෙලවල්ල- 450- 600
ලින්න -300 –
තෝර -1200
පරව -550- 650
සාලය – 200- 250
සූඩය – 100- 150
හුරුල්ල – 380- 450
ජීලාව -300- 350
යතුරු පැදි සහ පාපැදි වලින් මාළු වෙළඳාමේ යෙදෙන පිරිසටත් මෙම තත්වය බරපතල ලෙස බලපා ඇත.
බෝ්ට්ටු ඊයේ දිනයේදිත් නැංගුරම් ලා තිබින. පවතින කාල ගුනය නිසා ධීවරයින්ට මුහුදු යාමට නොහැක. කවදා මෙය වෙනස් වේදැයි මේ සියළු දෙනා තමන්ගේ ප්‍රශ්ණ විසඳා දෙන්නැයි දෙවියන්ට පවසන්නේ වෙනත් කිවහැකි වගකිව යුත්තෙකු නැති නිසාය.