පසුගිය දින කිපය පුරාම දිනකට වාර්තා වන කොරෝනා අසාදිතයන් ගණන 1500 ඉක්මවමින් තිබේ.තතු එසේ වෙද්දි රජය විසින් දිනෙන් දින දැනටමත් හදුන්වා දි ඇති මාර්ගෝපදේශ රෙගුලාසි මාලාවට තවත් දේවල් එකතු කරමින් සිටිති.
ඒ බොහොමයක් සැබැවින්ම මිට කලින් කළ යුතුව තිබුන ඒවා යැයි රජයට එරෙහිව සාධාරණ විවේචන ඉදිරිපත් කරන අයගේ පොදු මතය වි තිබේ.
මේ අතර මෙරටින් වාර්තා වන වැඩි කොරෝනා ආසාදිතයන් ගණන අද දින වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. ඒ අනුව මෙරටින් අද දින කොරෝනා ආසාදිතයන් 1716 දෙනකු හඳුනාගෙන ඇත. අලුත් අවුරුදු පොකුරෙන් ආසාදිතයන් 1699ක් ද විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් 17 දෙනකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු ආසාදිතයන් ගණන 109823 දක්වා ඉහළ ගියේය.
(කාටුනය -themorning පුවත්පතෙනි )