කොරෝනා වැළඳුන ශ්‍රී ලාංකිය කාන්තාවක් ඉතාලියේ බ්‍රෙෂියා රෝහලට !

0
160

bresia(දෙවන සංස්කරණය ) රටවල් ගනනාවක කොරෝනා වසංගතය පැතිර ගියත් කිසිදු ශ්‍රී ලංකික රෝගියෙකු හමුවු බවක් මේ වනතෙක් වාර්තාවි තිබුනේ නැත. එහෙත් අවාසනාවකට ඉතාලියේ බ්‍රේෂියා නගරයේ කාන්තාවට කොරොනා වෛරසය ආසාදිත වී ඇත.
ඇය මේ වන විට ඊයේ දිනයේ සිට කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව බ්‍රේෂියා චිවිලේ රෝහලේ කාමරයක තබා සිටින බව ඇය විසින් අප වෙත ප්‍රකාශ කර සිටි බව සිය මුහුණු පොතේ සටහනක් තබමින් මිලනෝ නුවර ලක්දේස් විජේසිංහ විසින් පවසා සිටි.හැඬු කඳුළෙන් ඇය පවසා සිටි කතාවේ තුල ගැබ්ව තිබුනේ ඇයගේ අසරණභාවයයි..ශ්‍රී ලංකාවේ හොරණ ප්‍රදේශයේ කාන්තාවක වන ඇය මෙසේ අසරණ වී සිටින්නේ ඇය සේවය කල නිවසේ වයෝවෘද්ධ කාන්තාවක් රැක බලා ගැනිමට ගොස් බව ඇය පවසා ඇත.
එම නිවසේ එම වයෝවෘද්ධ කාන්තාව කොරෝනා රෝගය වැලදී සිටි බව ඇය විසින් ප්‍රකාශ කර සිටී.මේ පිලිබදව වාර්තා⁣විමෙන් පසු මිලානෝ කොන්සියුලර් කාර්යිලයේ නිලධාරියනියක් ඇය අමතා කතාකර තිබුන බවද සැලය.

“ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මේ පිළිබඳව ගන්නා පියවර කුමක්ද..? ශ්‍රී ලංකා රජය ගන්නා පියවර කුමක්ද..?” මේ වන විටත් ඇය අධික හිසේ රුදාව සහ අධික පපුවේ වේදනාවෙන් හඬා වැලපෙමින් රෝහල් ඇද මත සිටින බවද ඇය සමගින් කතා කල ලක්දේස් වැඩිදුරටත් පවසා සිටි.බ්‍රෙෂියා නගරය අයත්වන්නේ කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යන උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයටය.ඉතාලියේ සිටින ශ්‍රිලාංකිකයන්ගෙන් 60% පමණ වාසය කරන්නේද මේ ලොම්බාර්ඩි කලාපයේය.