කොරෝනා වෛරසයෙන් ඉතාලියේ තවත් මරණයක් !

0
93

Coronavirus - Ricercatrice al lavoro all'ospedale Sacco-2ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ගණන මේ වන විට 4 දක්වා ඉහල ගොස් තිබේ. ඒ බෙර්ගමෝ නගරයේ මිට පැය කිපයකට පෙර 84 වියැති පුද්ගලයෙකු මිය යාමත් සමගින් බව milano Today වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
එහි තව දුරටත් සදහන් වන්නේ වෛරසය වැළදුන රෝගින් ගණන 150  ක් බවය.
වෛරසය මේ අනුව පැතිර යමින් ඇත්තේ ශ්‍රිලාංකකින් බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල විමද විශේෂත්වයකි.ඒ ලොම්බාර්දියා කලාපය තුලය.
පසුගිය කාලය තුල ශ්‍රිලංකාවද මුහුණ දුන් ආකාරයට මේ වන විට මුඛ ආවරණය මිළට ගැනිමට බොහෝ තැන්වල නොමැති බවද එමෙන්ම විෂබිජ නාසක ආලේපන වල පවා දැඩි හිගයක් පවතින බව එහි සිටින ශ්‍රිලාංකිකයෝ පවසා සිටිති.
මේ අතර සිනමා ශාලා ,සමාජ ශාලා, ක්‍රිඩා තරඟ පමණක් නොවන ආගමික උත්සව පවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බවද සැලය.
මේ අතර මිලානෝ නගරයේ ප්‍රකට ශ්‍රිලාංකික සමාජ ක්‍රියාකාරියෙකුද වන ලෙස්ලි ලෝව් සිය මුහුණු පොතේ සටහන් කර තිබුනේ ඉතාලියේ නිරෝධායන කටයුුතු සිදුකරන ආකාරය අනුව ඉක්මනින් බිය පහව යනු ඇති බවය.

සැබැදි පුවත් – කොරෝනා වෛරසය ඉතාලිය තුල සිඝ්‍රයෙන් පැතිරෙයි ! රෝගීන් 152 ක් ! මරණ 3 ක් !