කොරෝනා වෛරසය ඉතාලියේ 5 වන ජිවිතයත් බිලිගනී ! ආසාධිත පුද්ගලයන් ගණන 219 දක්වා ඉහලට ?

0
56

corona 1කොරෝනා වෛරසය හේතුවෙන් මිය 5 වෙනියාද අද ඉතාලියෙන් වාර්ථා විය .සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇන්ජලෝ බෝරෙලි මේ බව දැනුම්දි ඇති බව ansa.it  වාර්ථා කොට තිබේ.
මියගිය පුද්ගලයා ඉතාලියේ ලොම්බාර්ඩි හි කැසෙල් ලැනේ නගරයේ 88 හැවිරිදි අයෙකි.
එම වෙබ් අඩවිය තවදුරටත් වාර්ථා කොට තිබුනේ ඉතාලියේ පුද්ගලයින් 219 දෙනෙකුට මාරාන්තික වෛරසය ආසාදනය වී ඇති බවය.
මේ අනුව කොරෝනා වෛරසය දරුණුවටම බලපා ඇති ලොව තෙවනි රට බවට දැන් ඉතාලිය පත්ව තිබේ.
ඒ චීනය සහ දකුණු කොරියාවට පසුවය.
චීනයට පසු තත්වය දරුණු අතට හැරෙමින් ඇති රටවල් දෙක තුලම සැලකියයුතු ශ්‍රිලාංකිකයන් පිරිසක් වාසය කරති.