කොරෝනා වෛරසය ඉතාලිය තුල සිඝ්‍රයෙන් පැතිරෙයි ! රෝගීන් 152 ක් ! මරණ 3 ක් !

0
101

87142191_2713091992072558_7290817872425648128_oකොරෝනා වෛරසය යුරෝපය තුල වේගයෙන්ම පැතිරෙන රට බවට මේ වන විට ඉතාලිය පත්ව තිබේ.
දැන් එහි වාර්ථා වි ඇති රෝගින් ගණන 152 ක් දක්වා ඉහල ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්ථා කර තිබේ.
ඉන් රෝගින් 84 දෙනෙකුම අයත් වන්නේ ලොම්බර්දියා කලාපයටය.
මේ කලාපයට ප්‍රධාන නගර වන මිලානෝ ,බ්‍රෙෂියා , වෙරෝනා යන ප්‍රධාන නගරයද අයත්ය.
කොරොනා වෛරසය හේතුවෙන් දැනට මිය ගොස් ඇති තිදෙනා ගෙන් දෙදෙනෙකු අයත්වන්නේද ලොම්බර්දියා කලාපයට වන අතර අනෙක් මරණය පාදුවා නගරයෙන් වාර්ථාවේ.
මේ වනවිට ලොම්බර්දියා (මිලානෝ) සියලු පාසල් සතියක කාලයක් වසා තබා ඇති අතර සියළු ප්‍රසිද්ද ස්ථාන (පල්ලි ,බාර් , විශේෂ උත්සව) සියල්ල සවස 06.00 වන විට වසා දැමිමට රජය විසින් නියෝග නිකුත් කර තිබේ.

Regione Lombardia හි විශේෂ දැන්වීමයි.

යම් කිසි කෙනෙකු උණ රෝගී ලක්ෂණ හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලෙන්නේ නම්, රෝහල් වල හදිසි ආපදා ඒකකය (Pronto Soccorso) වෙත යෑම වෙනුවට 800 894545 අංකයට කතා කරන්න. එවිට අදාල හා සෞඛ්‍ය සේවකයින් ඔබගේ නිවසට පැමිණ අදාල මූලික පරීක්ෂණ ඔබ නිවසේදීම කිරීමට කටයුතු කරන අතර අවශ්‍ය නම් ඔවුන් විසින්ම අදාළ රෝහල් පරිශ්‍රයන් වෙත ඔබව රැගෙන යනු ඇත.

ඉතාලියේ කොරෝනා භීතිය පැතිරය ගොස් ඇති ආකාරය කෙසේදයත් ඉරුදින දිව්‍ය පූජාවේදී “සාමය පැතීමේ” චාරිත්‍රයේදී අතට අත දීම සිදුකර නොමැති අතර  දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගැනීමේ පිලිවෙතේදී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ පුද්ගලයන්ගේ දිව මත තැබීමෙන් බැහැර වූ පියතුමන් සදහන් කර ඇත්තේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තමන්ගේ අත් වලට ලබාගන්නා ලෙසටයි.

සුපිරි වෙළද සැල් වල රාක්ක හිස්වි ඇති අයුරු

එමෙන්ම තත්වය බරපතල වෙතැයි සිතා මේ වන විට රෝගය පැතිර යන බොහෝ පළාත්වල සුපිරි වෙළඳ සැල් වල රාක්ක හිස්වෙමින් ඇත්තේ ජනයා පැමිණ තොග වශයෙන් භාණ්ඩ රැගෙන නිසා බව අපගේ ඉතාලි ආරංචි මාර්ග දක්වා සිටි.

ඉතාලියෙ ඇතැම් ප්‍රදේශ ජනශුන්‍ය වෙමින් තිබේ.( විඩියෝ)