ක්රේමා නගරයේ සිට ඇයව ඊයේ (23)දිනයේ බ්‍රෙෂියා රෝහල වෙත මාරුකර එවා තිබුණි.එහෙත් පසුව ලොම්බාර්ඩි ප්‍රාන්ත රජය විසින් බ්‍රෙෂියා හි සිදුව ඇති මරණය කොරෝනා වෛරසයට සම්බන්ධයක් නැති බව දන්වා තිබුණි.ඒ අනුව ඉතාලි මාධ්‍ය විසින් එය නිවරදි කරමින් කියා ඇත්තේ බ්‍රෙෂියා රෝහලේ සිදුව ඇති මරණය කොරෝනා වෛරසයට සම්බන්ධයක් නැති බවය.
ඉතාලිය තුල වෛරසය ආසාදනය වි ඇති මුලු ගණන ලෙස www.giornaledibrescia.it/ වෙබ් අඩවිය පවසා සිටින්නේ 219 කි.
මේ අතර ඉතා අවාසනාවත්ත ලෙසින් කොරෝනා වෛරසය බිලිගත් 6 වැනියා මිලානෝ නුවර සාකෝ රෝහලෙන් වාර්ථා වන බව මිට සුළු මොහොතකට පෙර වාර්තා වු බව ansa.it වෙබ් අඩවිය වාර්තා කර සිටියේය.
ඒ 80 වියැති අයෙකුය.
ඒ අනුව මිය ගිය මුළු ගණන 6 දක්වා ඉහල ගොස් තිබෙන අතර අද දිනයට පමණක් මේ දක්වා මරණ 3 ක් වාර්ථා වි තිබේ