කොරෝනා වෛරස් අසාධිතයැයි සැකසහිත ගුවන් සේවිකාවක් මිගමුව රෝහලට ?

0
108

NGB hospital 1කොරෝනා වෛරස් රෝග ලක්ෂණ සහිත ගුවන් සේවිකාවක් අද සවස මිගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්ථා වේ.
ඒ 16 වාට්ටුව වෙතය.
ඇය ශ්‍රිලන්කන් ගුවන් සේවයේ අයෙකුද බවද වැඩිදුරටත් වාර්තා වේ.
කලින් මානසික රෝගින් වෙනුවෙන් වෙන්ව තැබුන මේ වාට්ටුව ඊයේ දිනයේ සිට කොරෝනා වෛරස් ආසාධිත යැයි සැක කෙරෙන අය වෙනුවෙන් වෙන්ව කර තිබුණද ඒ සදහා වන මුලික පහසුකම් තවමත් සැකසි නැතැයිද වාර්ථාවේ.
මේ අතර අසාධිතයැයි සැක සහිත රෝගින් පරික්ෂා කිරිම සදහා  වෛද්‍ය කාර්ය මණ්ඩලයට මෙන්ම හෙද කාර්ය මණ්ඩලයට මේ දක්වා ප්‍රමාණවත් ලැබි නැති බවද සැලය.
මිගමුව රෝහලටම දැනට ලැබි ඇත්තේ ආරක්ෂිත ඇදුම් කට්ට්ල 15 ක් පමණක් බවද කියැවේ.
වාර්තා වන අන්දමට අඩුම තරමින් ඉන්ෆලුවෙන්සා රෝගය පිළිබදව නිර්ණය කිරිම සදහා ඇවැසි සායනික පහසුකම් වත් මිගමුව රෝහල තුල නැති අතර එයට ඇවැසි රසයානාගාර පරික්ෂණ සිදුකරගැනිමට සිදුව ඇත්තේ රෝහල අසල ඇති පුද්ගලික රසායනාගාර වලිනි.
ඒ වෙනුවෙන් වැය කළ යුතු මුදල රු 2600 කි.
මේ තත්වය තුල සෞඛ්‍ය බලධාරින් වහා මැදිහත්වි කඩිනමින් ඇවැසි පහසුකම් සකසා දිය යුතුව තිබේ.