මෙයට හොදම නිදසුන වන්නේ පන්නල ප්‍රදේශයේ බ්‍රාටෙක්ස් ආයතනයේ සේවය කරන චීන ජාතිකයෙකු මිගමුව රෝහලට අද පැමිණ තිබුනේ උණ සහ කැස්ස ඇතුළු රෝගි තත්වයක් පවතින බැවින් ඒ පිලිබදව පරික්ෂා කරගැනිම සදහාය.
ඔහු වුහාන් පළාතේ සිට ලංකාවට පැමිණ දැනට සතියක් ගතව ඇති බවද සැලය.
මෙවන් අවධානම් තත්වයක් යටතේ එවැනි රෝගියෙකු පරික්ෂා කිරිමට අවැසි ආරක්ෂිත ක්‍රම කිසිවක් පහසුකම් ලෙසින් මිගමුවට රෝහලට මේ වන තුරුත් ලබා දි නැත.
වෛද්‍යවරුන් සදහා ආරක්ෂිත කබා ඇතුළු වෛරස් ආසාදන තත්වයකින් පරිස්සම්විමට ඇවැසි අනෙකුත් මෙවලම් කිසිවක් මිගමුව රෝහලේ නැත
.හෙද කාර්ය මණ්ඩලයට මෙන්ම කනිෂ්ඨ සේවයකයන්ටද එසේමය.
එපමණක් නොව එවැනි අවධානම් රෝගින්ව පරික්ෂා කිරිමට සුරක්ෂිත ලෙසින් වෙන්ව ඇති ස්ථානයක් පවා මිගමුව රෝහලේ නැත.
මිගමුව අවට කර්මාන්ත ශාලා රැසක චීන ජාතිකයන් සේවය කරති..
එවන් පසුබිමකදි ඒ බහුතරයක් පළමුව පැමිණිමට නියමිතව ඇත්තේ මිගමුව රෝහලටය .
මේ යථාර්ථය තුල මිගමුව රෝහලේ කාර්ය මණ්ඩලය කොයිතරම් නම් ආනාරක්ෂිතදැයි තේරුම් ගැනිමට මේ රටේ බලධාරින්ට තවත් දින කීයක් ඇවැසිදැයි ඇසිමට අපි කැමැත්තෙමු .
එපමණක් නොව ගුවන් තොටුපලට සමිපයේම ඇති මුලික රෝහල මෙය විම නිසාද කිසියම් රෝගියෙකු ගුවන් තොටේදි හදුනා ගනු ලබන්නේ නම් බොහෝ විට පලමුව එවිය හැකිව ඇත්තේ මිගමුවටය.
පසුගිය දිනක අසාධ්‍ය තත්වයෙන් පසුවු පසුව මිය ගොස් තිබුණ අය දේහයන් මෙන්ම එම ගුවන් යානයේම සිට තවත් රෝගියෙකු පළමුව එවා තිබුනේ මිගමුවටය.
ඉන් කියැවෙන්නේ පවතින තත්වය හමුවේ මිගමුව රෝහල වඩාත් ආරක්ෂිත තැනක් කිරිමට ආදාල බලධාරින් වහාම පියවර ගත යුතු බව නොවේද ? ඒ එහි සිටින කාර්ය මණ්ඩලයේ මෙන්ම එහි සිටින රෝගින්ගේද ආරක්ෂාව ගැනද ප්‍රමුඛතාවයක් ලබා දෙමිනි.