කොරෝනා වෛරසේ බලපෑම් කාලසිමාවත් රිවස් වෙයි! දැන් දින 7 .

0
192

කෝව්ඩ්-19 ඔමික්‍රොන් ප්‍රභේදයෙහි ස්වභාවය සහ මෙරට තුළ කෝවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කරමින් කෝවිඩ් ආසාදිත පුද්ගලයන් දින 07ක කාලයකින් පසු සේවා කටයුතු සඳහා කැඳවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පසුගියදා සඳහන් කර තිබුණි.

පැතිර යන කෝවිඩ්-19 ඔමික්‍රොන් ප්‍රභේදයත් සමගකෝවිඩ් ආසාදිත පුද්ගලයෙකු තුළ වෛරසය සක්‍රියව පවතිනුයේ දින 05ක කාලයක් තුළ පමණක් වන බවට මේවනවිට තහවුරැ වී ඇති බව ඔවුන් විසින් මේ අනුව අවධාරණය කර ඇත.

ඒ අනුව එම දින 05ක කාලයට තවත් දින 02ක් අමතරව එකතු කර ආසාදිතයන් සඳහා නිරෝධායන කාලසීමාව සතියක් ලෙස ප්‍රකාශයට පත්කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
මිට පෙර දින 14 ක් යැයි කියු කාල සිමාව දැන් 7 දක්වා බැස ඇත.