කොරෝනා සමයේ මීගමු රෝහල් කාර්යමණ්ඩලයට කෑම බෙදපු දොස්තර…… .

0
77
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 90

රටම පත්ව තුබුණ දුෂ්කර මොහොතක  මීගමු රෝහලද සිය කාර්ය භාරය නොපිරිහෙලා ඉටුකරන්නට ගැටළු රාශියක් මධ්‍යයේ වුවද මැදිහත්වෙමින්  වු ආකරය අපට මතකය

කොරෝනා සැක සහිත රෝගීන් වෙනුවෙන් වු එකල වාට්ටු  දෙකක් පැවැතුන අතර  තෙවැනි වාට්ටුව රෝහලේ මහල් ගොඩනැගිල්ලේ මේ වන විට වැඩ නිමවි තිබුණි

එහි රෝගීන් 20 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර කිරිමට අවස්ථාව ඒ අනුව සලසා දිමට ඒ අනුව හැකිව තිබුණි.

කොරෝනාදැයි සැකසහිත රෝගින් සමඟින් වැඩකළ  රෝහල් කාර්යමණ්ඩලය සැබැවින්ම කරගෙන ගිය මෙහෙවර සැබැවින්ම  අභියෝගාත්මක  එකක් විය.

එවන් පසුබිමක ඒ අයට තවදුරටත් අවැසි මුලික පහසුකම් පිළිබදව සොයා බලා ඊට සම්මාදම් විම මිගමුවේ හදවත් ඇති සැමගේද වගකීමක් ම තිබුණ

ආරක්ෂිත ඇඳුම් කට්ටලය ඇඟලාගත් පසු කැන්ටිමකටවත් යා ගතනොහැකි මේ අයට තේ සහ කෙටි ආහාර වල අවශ්‍යතාවක් බරපතල ඇති බව දැනගැනිමෙන් පසු ඒ සදහා වැඩපිලිවෙලක් සැකසිමට මිපුර අපට හැකි විය.

ඒ අප වෙබ් අඩවිය හා කවදත් සහෘදව කටයුතු කරගෙන යන හිතවතුන්ගේ සම්මාදම්විම තුලය.
ඒ වෙනුවෙන් වන බරපැන වලට මාබිම ආයතනයේ සුජිත්  දායකත්වය සැපයු අතර ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එසේ කෙටි ආහාර සපයා ගැනිමට කිසිදු බේකරි ආයතනයක් විවෘතව නොපවතිද්දි ඒ වගකීම කරට ගෙන ඒ අහාර සකසා රෝහලට උදේ සවස ගෙනවිත් දිමේ වගකීම  කාලයක් පුරාවට කරගෙන යාමට මිපුර වෙබ් අඩවියේ තවත් සහෘදයෙකු වු දොස්තර හෙන්රි රොසයිරෝ විසින් භාරගති.⁣

මේ කටයුත්තට දායකවිමට කැල්ටන් ආයතනයේ රොෂාන් මහතාද මෙන්ම නයෝමි ආයතනයේ නිශාන්ත මහත්තාද සිය කැමත්ත පළකරමින් දායකත්වයන් අරභා තිබුණි.

එමෙන්ම ඇපලෝ ආයතනයේ මොහාන් මහතා වාට්ටුවලට ඇවැසි උපකරණ කිපයක් ලබාදිමට දැනටමත් කැමැත්ත පළකර ඇත.මේඅතර පමුණුගම YMCA ආයතනයද රෝහලේ කාර්ය මණ්ඩලය සදහා අවැසි ආරක්ෂක ඇදුම් කට්ටල සැකැසිමට අවැසි අමුද්‍රව්‍ය ලබාදිමට පියවර ගෙන තිබුණි.
මේ ආකාරයෙන්ම අප 2017 දිද මීගමුව තුල ඩෙංගු වසංගත තත්වයක් මතු වු විටද මිපුර වෙබ් අඩවියට කවදත් ලැදිව කටයුතු කළ විශාල පිරිසක්ගේ තීරාණාත්මක දායකත්වයක් මිගමුව රෝහලට එක්කර දෙන්නට පියවර ගතිමු.

ඒ සියල්ලේ ප්‍රයෝජනය එදා  මිගමුව රෝහල⁣ කරගෙන ගිය සිය අභියෝගාත්මක කාර්ය භාරයට සැබැවින්ම අස්වැසිල්ලක් විය.
.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here