කොරෝනා සමයේ වාහන බලෙන් අත්පත් කරගත් ලීසිං සමාගම්වලට වැඩ වරදින ලකුණු ?

0
67
imagesලාංකික අඩුඅදායම් සහ මධ්‍යම පාංතික පවුල් අතර පසුගිය කාලය තුල කථා බහට ලක්වු කරුණක් බවට පත්ව තිබුනේ ලිසීන් ගැටලුවයි.ත්‍රිරෝද රථයක් හෝ කුඩා මෝටර් රථයත් ලිසින් කර අරගත් පවුල් වල වාරික ප්‍රශ්ණය පසුගිය කාලය තුල උග්‍ර පවුල් ආර්ථික ගැටළුවක් පැවැතිණි.
මේ පසුබිම යටතේ කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන පවා නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නෛතික පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇතැයි අද වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
ලීසීං ණය වාරික ගෙවීම් පැහැර හැරි බව පවසමින් වාහන අත්පත් කරගැනීම ස`දහා ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් විසින් ඉදිරිපත් කරන පැමිණිලි සටහන් කරගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් පරික්‍ෂා කර බලා රජය විසින් ලබාදුන් කාලසීමාවට අයත් පැමිණිලි බාරනොගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇතැයි වැඩිදුරටත් එහි සදහන්ය.