කොරෝනා හින්ද අසරණ වුන අයට උදව් කරමු …

0
343
FB IMG 1622296586578
FB IMG 1622296611064
FB IMG 1622296589454

අද දින මා විසින් අප ග්‍රාමයේ අපේම සහෝදර ජනතාව අතර වියළි ආහාර මලු බෙදා දෙන අවස්ථාවේදී මා විසින් ගනු ලැබූ ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ පළ කිරීම පිළිබඳව ප්‍රථමයෙන්ම මා ඔබගෙන් සමාව අයදිමි.

මා මේවා පළ කළේ මා ගැන ආටෝප බස් තෙපළීමට නොව මේ මොහොතේ කොරෝනා වසංගතයෙන් අසරණ වී සිටින එදා වේල පිරිමසා ගැනීමට නොහැකි අසරණ මිනිසුන් හට ගියවර මෙන් මෙවර උදව් උපකාර ලබා දීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් නොවන බව මා හට පෙනී ගිය බැවිනි.

එබැවින් මා හට පුළුවන් ආකාරයට මීගමුවේ තෝරාගත් පවුල් කිහිපයක් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු බෙදා දීමට කටයුතු කළෙමි.

තවද මේ සඳහා මා හට උදවු උපකාර කළ ගරු ඉන්දික අනුරුද්ධ ඇමතිතුමා සහා සකාවුල්ලා මන්ත්‍රීතුමාට මාගේ ආදරණීය ස්තුතිය පිරිනමන අතර 🙏🙏🙏🙏 මෙවැනිම අසරණ ජනතාවට ඔබටත් උපකාර කිරීමට හැකියාවක් ඇත්නම් අප අමතන්න. අපේම සහෝදරයන් ගේ කුස ගිනි නිවීමටයි මා මේ දරන වෑයම

.077-6568870 ගයාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here